Chapter 23

344 64 4
                                    

ටේහ්‍යුන්ගේ තත්ත්වේ සාමාන්‍ය නිසා ටේහ්‍යුන්ව සාමාන්‍ය රෝගීන් ඉන්න වෝර්ඩ් එකකට මාරු කරා වගේම එයාගේ ඇගේ ගහලා තිබ්බ මැශින් අයින් කරපු එක ගැන නම් ජන්ග්කුක් හිටියේ ලොකු සැහැල්ලුවකින්...තමන් ආදරේ කරන කෙනා මැශින් ගොඩක් එක්ක ඉන්නවා බලන්න කවුරුත් කොහොමත් කැමති නෑනේ..

" ලොකු කෝ කට අරින්න අනෙහ්..."

ජන්ග්කුක් මේ වෙනකොට හිටියේ ටේහ්‍යුන්ට සුප් එකක් පොවන ගමන්..ටේහ්‍යුන්ගේ උරහිස ඩැමේජ් වෙලා නිසා අත හොල්ලන්න බැරි නිසා ජන්ග්කුක් ටේහ්‍යුන්ට කවන රාජකාරිය බාර ගත්ත..සිහිය ආපු ගමන් නිසා සරල ආහාරයක් දෙන්න ඕන හින්දා ජින් එනකොට ගෙනාපු සුප් එක ටේහ්‍යුන්ට පොවන්න ජන්ග්කුක් තීරණය කරා..

" දැන් ඇති කූ..."

" ඇති කොහෙද...තාම කටවල් දෙකයි බිව්වේ..."

ජන්ග්කුක් පොඩි එකෙක්ට සැර කරනවා වගේ ටේහ්‍යුන්ට සැර කර කර පොවනකොට බොරුවට අකමැත්තෙ පෙන්නුවත් ජන්ග්කුක් පොවන නිසාම අකමැත්තෙන් උනත් පොඩ්ඩක් බිව්වා..

" ජන්කූ..."

ටේහ්‍යුන් ආස නැති නිසා සුප් එකේ ගම්මිරිස් ඇට අයින් කරලා සුප් හැන්දට ගන්න ගමන් හිටපු ජන්ග්කුක්ගේ අතින් අල්ලලා ටේහ්‍යුන් කතා කරාම සුප් එකට අවදානේ දීගෙන හිටපු ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ පැත්තට හැරුනා..

" ඇයි ??"

ටේහ්‍යුන් තමන්ට කතා කරත් මුකුත් නොකියා ජන්ග්කුක්ගේ මූන දිහා බලන් ඉන්නකොට ජන්ග්කුක් මූන හකුලන් ටේහ්‍යුන් දිහා බැලුවා..ජන්ග්කුක්ට තේරුනා ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇස් දිහා බලන් එයාගේ හැගීම් කියවන්න ට්‍රයි කරනවා කියලා...කලින් ජන්ග්කුක් අඩපු නිසා තාමත් ඒ බෝල ඇස් රතු වෙලා තියෙනකොට ටේහ්‍යුන්ට තේරුනා ජන්ග්කුක් ඉන්නේ හරිම තෙහෙට්ටුවෙන් කියලා...

" කූ සෝජුන්..."

සෝජුන්ගේ නම ටේහ්‍යුන්ගේ කටින් පිට වෙනකොටම ජන්ග්කුක්ගේ තෙහෙට්ටු ඇස් කලබලෙන් එහා මෙහා දුවනවා ටේහ්‍යුන් හොදටම දැක්කා..ටේහ්‍යුන්ට සිහිය ආව වෙලේ ඉදන් ජන්ග්කුක් දෙයියන්ට පින් දිදී හිටියේ ටේහ්‍යුන් සෝජුන් ගැන අහපු නැති එක ගැන...ඒත් ජන්ග්කුක් දැනගෙන හිටියා කොයි වෙලේක හරි ටේහ්‍යුන් ඒ ගැන අහනවා කියලා..ඒ වගේම ටේහ්‍යුන්ගේ කට උත්තරයක් ගන්න හවසට පොලිසිය එනවා කියලත් ජන්ග්කුක් දැනගෙන හිටියා...ඒත් සෝජුන් මැරුනා කියලා කියන්න තරම් ජන්ග්කුක්ට හයියක් තිබ්බේ නෑ...

You Are MY ENEMY || TK Where stories live. Discover now