16 වන දිගහැරුම 📚

409 39 6
                                    

"අද රෑට මොකද මොකුත් නෑ.."

"නෑ කිව්වට නැත්තෙමත් නෑ.."

"රෑ නවය පැනලා මුකුත් නෑ.."

"හෙට උදේට මට මතක නෑ.."

"සෙට් වෙලා කැරකිලා අපි..
බෝල..බෝල..බෝල..බෝල
කැරකිලා අපි කිරි කිරි බෝලේ..
කිරි බෝලේ.. කැරකිලා කිරි කිරි බෝලේ..
කිරි කිරි බෝලේ..ඒ..ඒ.."

කේක් කපලා කලා බිලා..ඉස්තොප්පුවෙ තැනින් තැන වාඩි වෙලා ඔක්කොම එකතු වෙලා සින්දුවක් කියනවා..අයොද් ගිටර් එක ගැහුව්වා කසුන් ඩොල්කිය ගැහුවා..අපි අත්පුඩි ගහන ගමන් හයින් සින්දු කිව්වා..මුලින් අශේන් ඉට පස්සෙ මම ඉට පස්සෙ කසුන් ශාවි වගෙම අයොද් පවා අපි එක්ක සින්දු කැලි කැලි කියන්න එකතු උනා..සිය අත්තම්මා මහා හාමුත් මැදින් මැදින් දන්න දන්න කැල්ල කියන ගමන් අපි එක්ක එකතු වෙලා විනොද වුනා..මගෙ ඇස් නතර වෙලාම තිබුනේ අයොද් ලගයි අශේන් ලගයි..හරිම ආදරනිය බැල්ලකින් අයොද් අශේන් දිහා බලාන් ඉද්දි අශේන් සැරින් සැරෙ අයොද්ව බදා ගනිද්දි..කවදාවත් නැතුව අයොද් හිනා වෙනවා ඒ මාවා ගත්ත හිනාවක් නෙවෙයි එයා ඇස් වලින් පවා හිනා වෙන්න දන්න කෙනෙක් අශේන්ට වගේම හිත් ඇදිලා යන හිනවක් අයොද්ටත් පිහිටලා තියෙනවා..

මගෙ හිත කවදාවත් නැතුව පිරිලා අශේන් ගෙ හිනාවෙන්..මං එයගෙ නොදැක්ක මොකක්දො ලස්සනක් අද මට පෙනවා..මම අශේන් දිහා බලාගෙන ඉද්දි මගෙ ඇස් ගැස්සුනෙ ඇස් ඉස්සරහයින් එහ මෙහා යන හිනි ඇගිලි ටිකට..

" ඇයි ?.."

" ගුලිකරලා සක්කුවෙ දා ගන්නද කල්පනාව.."

" මොනාද.."

" අශේන්ව..ඇහි පිල්ලමක්වත් නොගහ බලාන් හිටියේ එකට නෙමෙද ?.."

" විකාරද ශාවි එහෙම නැ.."

" ඔව් ඔව් මට විකාර..අපි බලමු කො සුදු පුතාට කවද්ද ඊතලේ වදින්නෙ කියලා.."

" මොන ඊතලේද ?.."

" මල්සරාගෙ ඊතලේ.."

" පිස්සු.."

ශාවි මාත් එක්ක කාටවත් ඇහෙන්නෙ නැති තරමට හිමින් කතා කරෙ..ඊතලෙයි දුන්නයි මලුයි පිස්සු මෙකිට ..මෙකි ඩ්‍රාමා බලනවා අපියි අගතියට පත් වෙන්නෙ..කැම්පස් එකෙත් සිනියර් අයියලා දෙන්නෙ එකට දැකලා මෙකි ටොප් බොටම් හොයලා උන් දෙන්නගෙ ලමයින්ට නමුත් දැම්මා..ඉක්මනට කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි හොයලා දෙන තරමට අපිට හොදයි..නැත්තම් කොයි වෙලෙ හරි සිනියර්ස් ලාට වෙන දේ අපිටත් වෙයි..

නොනිමි ʸⁱᶻʰᵃⁿ ✔️Where stories live. Discover now