" පුතාලා පහන් අවුලවලා මැදුර දිහාට එන්න..."
" හරි අම්මා..."
පන්සලේ දිගටම කහා පාටයි ඇහැල මල් පිපිලා....ඇතුල් වෙන තැන තියෙන ලොකු රොබරොසියා ගහා රොසම රොස පාට වෙලා....පන්සලට එන යන හැමොටම ආශිර්වාද කරනවා.....2024 සිංහල අවුරුදුත් ලැබුවා....කොහා කෑ නොගැහැව්වාට පන්සලේ ඉන්න මයිනා නම් හෝ ගහලා කියවනවා.....
අත්තම්මා කියන්නෙ අවුරුදු චාරිත්ර හරියට කරන කෙනෙක්....කොළඹ වගෙ අයිස් ගහලා මෙහෙ ඉන්න බැ......නොනගතෙට හොරෙන්වත් කන්න බෑ.....නොනගතෙ ඉවර වෙන්න තව පැය භාගයක් තියෙනවා.....මම,අත්තම්මා ,සියා,මහා හාමු,අශේන්,අයොද් විතරක් නෙවෙයි අශේන් ගෙ අම්මයි තාත්තා යි දෙන්නත් අපි එක්ක නොනගතෙට පන්සල් අවා......අම්මයි අප්පච්චි නැ කියන අඩුව නොදැනෙනවා නෙවෙයි එත් එයලට මාව ඔනෙ නැත්තම් මම තනියෙන් දුක් වෙන්නෙ මොකටද......
පිච්චමල් වෙනුවට සේපාලිකා මල් පුජ කරන්න තිබුන ආසව නිසා සේපාලිකා මල් වට්ටියක් එක්කම අපි නොනගතෙට ගමේ පන්සලට ගොඩ වුනා...
මමමයි අශේනුයි පහන් වැට ලග.....මෙතන දැලි ගැවිලා කියලා මෙකා මැරෙන්න ගිහින් අතත් පුච්වගෙන මගෙන් බැනුමකුත් අහලා ඉන්නෙ....මුන් එක්ක කොහොමද පන්සල් එන්නෙ හිතේ භක්තිය කැලේ දුවනවා.....අපි දෙන්නට පහන් තියලා මැදුර දිහාවට එන්න කියලා අපිව තියලා අයොද් ඇරෙන්න අනිත් හැමොම ගියා.....අයොද් පන්සලට ඇවිල්ලත් ලොකු වැඩක් මම හිතන්නෙ මුහුනෙ ලොකු කෙන්තියක් තිබුනා....ෆොන් එක කනේ තියාගෙන පන්සලෙ කෙලවරෙ හිට ගෙන ඇත බලන් කතා කරේ....සැරින් සැරෙට මිට මෙලවන අත දිහයි අයොද් ගෙ මුහුන දිහයි මම බලාන් ඉදියා.......මම හිතන්නෙ තප්පරෙකින් අපි ඇස් ගැටුනා.....මම බලාගෙන ඉද්දි ඒ මුහුනෙ ඉරියව් වෙනස් උනා....ලොකු හුස්මක් අරන් පහත දලා මිට මෙලවෙච්ව අත දිග හැරලා මගෙ ඇස් මග ඇරියා.....ලගකදි ඉදන් අයොද් එහෙමයි මගෙන් ඇස් හන්ගනවා.....හෙතුවක් දන්නෙ නැ මම අහන්න ගියෙත් නැ....