39 වන දිගහැරුම 📚

441 58 8
                                    

වෙලාව හත පහු වෙලා විනාඩි විස්සයි...වෙනදට කැම්පස් යන්න වෙලාවෙ අද හොස්පිටල් එක ඇතුලෙ ගෙවනවා...

ඉලගට ඉන්නෙ මම...මගෙ පපුව උඩරට මැණිකෙ වගෙ සද්ද කරනවා...හොස්පිටල් නම ගහපු නිල්පාට කවරෙ ඇතුලෙ තියෙන සුදු පාට කොල දෙක ඇතුලේ ලියවිලා තියෙන්නෙ අඩන දෙයක්ද හිනස්සන දෙයක් ද...මොකක් උනාත් මට බාර ගන්න වෙනවාමයි...මගෙ නම කියද්දි හිතට ශක්තිය අරන් මං ඇතුලට ගියා...

" ගුඩ් මොර්නින් මිස්ටර් අශේන්...ඉද ගන්න..."

" මොර්නින් ඩොක්ට..."

" අශේන් අපෙ කෙල්ලගෙ යලුවෙක්ලු නෙද ඉයෙ රැ තමා කිව්වේ..."

" ඔව් ඩොක්ට අපි එක ෆැකල්ටි එකෙ..."

" කිව්වා කිව්වා...මට අශේන්ගෙ රිපොට් ලැබුනා..."

එලියෙදි තම්මැට්ටම් ගහපු පපුව ඩොක්ට එක්ක කත කරද්දි ටික ටික නොර්මල් උනාත් ඩොක්ට ඉලගට කිව්ව දෙ එක්ක පපුව තම්මැට්ටමක් එක්ක යක් බෙරෙ කුත් ගහන්න ගත්තා විතරයි මං ඉක්මනට පපුවට අත තියා ගත්තා නැත්තන් ඔක මෙතන හොබොක්ස් ගලා පැන්නොත්...

" අශේන්...ඔයාට බ්ලාඩ් කැන්සර් එකක්..."

"අශේන්... ඔයාට බ්ලාඩ් කැන්සර් එකක්..."

ඩොක්ට ගෙ කටින් ඒ වචන ඇහෙනවත් එක්ක මට දැනුනෙ විසාල හෙනයක් මගෙ ඔලුවට වැදුනා හා සමාන හැගිමක්...එක මොහොතකට මගෙ කල්පනා නැතිවෙලා ගියා..මොනවහරි පිටස්තර හීනයක් අතරේ හිර වෙලා ඉන්නව වගේ හිතුනා. "මට... කැන්සර්?" මගෙ කටෙන් අයෙත් ඒ වචනේ එලියට එනවත් එක්කම...පිල්ල කැඩුනා හා සමානව කදුලු ගලන්න පටන් ගත්තා...මේ වචන උහුලා ගන්නකොට මගේ හිතේ තිබුණ හැමදෙම කඩා වැටෙනවා වගේ....

"ක්.. කොච්චර දුරට පැතිරිලාද ඩොක්ට ..."

" ලේ පිලිකාව කියන්නෙ අනිත් පිලිකා සයිල වලට වඩා ඉක්මනින් වැඩිවෙන සයිල කොටසක්...79% ක්ම මේ වෙද්දි පිලිකාව අරන් ඉවරයි..."

" මට තව කොච්චර කාලයන් තියෙනවද ඩොක්ට..."

මොන පිලිකාව හොද කරත් හොද කරන්න අමාරුම ලේ පිලිකාව...ඇගෙ තියෙන ලේ අන්තිම බින්දුව වෙනකල්ම වතුර කරවලා මරනය ගෙන එපා කරපු ලෙඩක්...

නොනිමි ʸⁱᶻʰᵃⁿ ✔️Where stories live. Discover now