" ශාවිට අක්කලා නංගිලා ඉන්නවාද?.."
කොන්ඩෙ දිග ලස්සන කෙල්ලෙක් ඉන්න ලොකු කරලා ෆ්‍රෙම් කරපු ෆොටො එක දිහා බලාගෙන කසුන් අහද්දි තමයි අපිත් එක දිහා බැලුවේ..
හිනා වෙලා හිටපු ඇන්ටිගෙ මුහුනෙ හිනාව අතුරුදහන් වේලා ගියා අපි බලාගෙන ඉද්දිම සමහර විට වැරදි වෙලාවෙ වැරදි ප්‍රශ්නයක් ද අපි ඇහුව්වෙ..." ඔය ඉන්නෙ ශාවි පුතේ..එයගෙ තාත්තා නැති උනාට පස්සෙ ගෙදර පිරිමියෙක් නැති අඩුව හොදට දැනුනා..ගැනු පරාන දෙකක් වෙච්ච අපි දෙන්නට ශාවි ගේ තාත්තා කරපු හැමදෙම කරන්න වුනා..වතු පිට අදායම තියෙන නිසා රස්සවක් කරන්න අවශ්‍යතාවක් නොතිබ්බට හැමදම හවසට වතු පිට වලට ගිහින් එවාගෙ ගනන් මිනුන් බලන්න ඔනේ..මට ඔවා මහා ලොකුවට තෙරුමක් තිබුනෙ නැ ශාවි තමා බැලුවේ එත් ඉර බහින වෙලේ කෙල්ලෙක්ව කොහොමද පුතෙ ගෙදරින් එලියට යවන්නෙ..ඒ දවස් වල මං කිව්වා ශාවිට අයියෙක් වත් හිටිය නම් තාත්තා නැති අඩුව මෙච්චර අපිට දැනෙන්නෙ නැ කියලා..ඉට පහුවෙනිදා මල් ගවුමක් ඇදලා කොන්ඩ දෙකක් ගොතලා උදෙන්ම ගෙදරින් ගිය කෙල්ල අයෙ ගෙදර අවේ දිගට තිබුන කොන්ඩෙ කපලා කලු කලුසමට කලු ටිශර්ට් එක ඇදලා ඉට උඩින් අත් වැලමිට ගාවට නවපු කලු ශර්ට් එකක් ඇදලා කලු ලොකු සපත්තු දලා කොල්ලෙක් වගේ..අම්මේ දැන් ඔයට පුතෙක් ඉන්නවා දුක් වෙන්න එපා මට ඔයාව බලා ගන්න පුලුවන් එදා මට තෙරුනා මගෙ වචන ශාවි ගෙ හිතට කොච්චර ලොකු බලපැමක් කරාද කියලා..නැයො නොකියපු කතාවක් නැ මගෙ දරුවට එත් එයා ඒකිසි දෙයක් තඹෙට මායිම් කරෙ නැ..ඉස්කොලේ යලුවෙක්වත් මෙයට හිටියෙ නැ හැමතැනම තනි වෙන්නයි එයට ඔනේ උනේ..මං ගොඩක් දුක් වුනා මගෙ දරුවා මං නැති කාලෙක තනිවෙයි කියලා එත් දැන් සැනසිමයි එයට හොද යලුවො ටිකක් ඉන්නවා එයා යන්න ඔනෙ පාර ගැන දන්නවා..මට කතා කරන හැම වෙලෙම පුතාලා ගැන කියනවා..පුතලා නිසා මේ අම්මාට සැනසිමයි..
ඇස් අගින් වැටුනු කදුලු පිහගෙන අයෙත් ශාවි ගෙ අම්මා අපි එක්ක හිනා වුනා..
" පුතාලට මහාන්සි ඇති නේ..වොශ් එකක් දාගෙන එන්න කැම කන්න.."
" මේහෙ දිය ඇල්ලක් තියෙනවා කියලා ශාවි කිව්වා අපි එහෙට යන්නද.."