" කසුනා..."
" ඕ..."
" අශේන්ව දැක්කද.."
" නෑ බං...ඇයි..."
" ශාවි උබවත් දැක්කෙ නැද්ද..."
" දැන් විනාඩි විස්සකට කලින් වගෙ දැක්කා හදන බිල්ඩින් එක පැත්තෙ හිටියා..."
" යමුද...මට කතා කරන්න දෙයක් තියෙනවා..."
උදේ ඉදන් අශේන්ව දැක්කෙ නැ මං අඩුම ලෙක්ජර්ස් වලවත් එයා හිටියෙ නැ...කවදාවත් ලෙක්ජර්ස් කට් නොකර අශේන් එක පාරට මෙහෙම කරාම මගෙ හිත මගෙන් ප්‍රශ්න කොටියක් අහන්න ගත්තා එ නිසාමද මංදා ඔලුවෙ කැක්කුමකුත් අල්ලලා පැය තුනම ඔලුව ගහන් ඉන්න උනා...
කැන්ටින් එකෙන් සරුවත් එකකුත් බිලා...රොබරොසියා මල් නැති එත් රොබරොසියා නම ලැබුන ඒ විසාල ගහා යට අපි තුන්දෙනා ඉදන් හිටියා...මං නොදැක්ක අශේන්ව උන් දෙන්නා හරි දකින්න ඇති කියන සැකෙට ඇහුව්වත් කසුන් දැකලා තිබ්බෙ නෑති කොට ශාවි ගෙන් අතිතය සම්බන්ද උත්තරයක් ලැබුනා...හිත කිව්වෙම එතනට පලයන් පලයන් කියලා වෙද්දි මම ශාවි කසුන් අපි තුන් දෙනාම අලුතින් හදන විද්‍යා පිඨය පැත්තට ගියා...
" කො නැනෙ..."
" මං දැක්කා බං ඌයි අර උරචක්‍රම දෝදු කෙල්ලයි මෙ පැත්තෙ හිටියේ..."
" ඔහොම හිටපන් කො කොල් එකක් අරන් බලමු...."
" යශොද් රින්ග් වෙනවා..."
" ඇතුලෙන් ඇහෙන්නෙ..."
බිල්ඩින් එකෙ පෙන්න අශේන් හිටියෙ නැති උනාත් ශාවි හොදටම විස්වාසෙන් හර්ශිවයි අශේන්වයි දැක්කා කිව්වාම මගෙ හිතෙ නොරිස්සමක් දැනුනා....හෙතුවක් නැති වුනාත් වේගෙන් ගැහෙන්න ගත්තා....කසුන් අශේන් ගෙ නම්බර් එක ඩයල් කරලා ෆොන් එක කනේ තියාගෙන රින්ස් වෙනවා කියලා ෆොන් එක මගෙ කනේ තිබ්බා...රින්ස් සද්දෙ ඇහුනෙ ඇතුලෙන් නිසා අපි තුන් දෙනාම ඇතුලට ගිහින් රින්ග් වෙන සද්දෙ තියෙන තැනට ගියාත්....
කසුන්ගෙ ෆොන් එක මගෙ අතින් අත ඇරුනා...
මට ඇහුනා බිදෙන සද්දයක්....
විදුරුවක් නෙවෙයි ඒ මගෙ හදවත....ඔව් මගෙ හදවත බිදිලා සි සි කඩ විසිවුනා....
YOU ARE READING
නොනිමි ʸⁱᶻʰᵃⁿ ✔️
Storie d'amoreප්‍රේමය යනු අධිමාත්‍රා විරහාවකි...! 2024.1.22 2024.10.12