" අශ්.."
එක වගේ හත් දෙනෙක් ඉන්නවා කිව්වට..මට කවදාවත් මං වගෙ කෙනෙක් හම්බ වෙලා නෑ...එත් අද ...අද මං දකින දේ ඇත්තටම පුදුමයි...කලු සරමට සුදු ශර්ට් එක ඇදලා... ඇරලා තියෙන උඩ බොත්තම් තුනෙන් පිරුනු සුදු පපුව හොදට පෙනුනා...උඩට කරලා පිරලා තියෙන කොන්ඩෙන් කඩවසම් බව තවත් වැඩි වෙලා ...එයාගෙ පෙනුමට හොදට ගැලපුනා...මට පෙනුනෙම හාමු අශේන් ගෙ ෆොටො කොපියක් වගේ...
" ඇයි..."
හාමු ලගටම ඇවිත් කතා කරද්දි මම හරි සිහියට අවේ...
" අම්..මෙ..අත්තම්මා පැණි වලලු හදලා..මෙ ඔයාගෙ පංගුව මං අරන් අවා..."
" හ්ම්..කාන්තිට දෙන්න..."
එහෙම කියලා අයෙත් උඩට යන්න හැරෙද්දි මං එයගෙ අතින් අල්ල ගත්තා...ඒ අත් හරි ලොකුයි මගෙ එක අතකින් අල්ලන්න බැ මගෙ අත් ගොඩක් පොඩි නිසා වෙන්න ඇති...
" ඔහොම ඉන්න..." වචනයක්වත් කිව්වෙ නැ..නපුරු බැල්ලමකින් මං දිහා බලාන් හිටියා බයත් හිතෙනවා..
" thank you... මාව අරන් අවාට..."
" හ්ම්..."
යකො මුට ගිය රට නේ වෙල්කම් කරෙත් නැ..මගෙ අතත් ගස්සලා දලා අයෙත් උඩට ගියා..මූවයි අශ් වයි නම් ජිවිතෙට සසදන්න බෑ...මෙ වගෙ අහංකාර නැ එයා..හිනා වෙන්නවත් දන්නෙ නෑ බස්සා...
" කාන්ති නැන්දේ..."
" ඕ සුදු පුතා..."
" මෙ මෙක ඔයට දෙන්න කිව්වා..මං යනවා නැන්දේ..."
" හරි දරුවෝ..."
හොතම්බුවා.. උද්දච්චකම...යකො මනුස්සයෙක් ස්තුති කරලාම වෙල්කම් කිව්වොත් කට ගෙවෙනවද..මං ගියෙ හිස් අතිනුත් නෙවෙයි නෙ එකටවත් thanks කරේ නෑ..පව් මගෙ අත්තම්මාගෙ මහන්සිය ඔය ටික පැක් කරලා අශෙන්ට යැව්වත් පාඩු නෑ මෙ ගොටුකොලයට දෙනටවඩා...අයෙ අහුවෙයන් කො මහා ලොකු හාමුව සරම මුනෙ ගැට ගහලා පයින් තල්ලු කරලා දනවා වැවට...හැබැයි වැවට දලා මුගේ අලි ඇගට වැව ගොඩ ගලයිද දන්නෙ නෑ...මඩවලකට තල්ලු කරානම් හරි..එක මරු මඩනාගෙන පරේ දිගෙ වලව්වට ඇවිදගෙන එද්දි හොදට ලැජ්ජ වෙන්න වෙයි හොද වැඩෙ අලි හාමුට එහෙම තමයි වෙන්න ඔනේ...