"දවස් ගෙවෙන වේගේ බලන්න කො සුදු..."
" ම්ම්ම්...."
" අපි යලුවෙලාත් මාස හතක් ගෙවිලා ඉවරයි...තව මාසෙකින් අපි සෙකන්ඩ් ඉයර් එකට වැටෙනවා..."
" ම්ම්ම්..."
" අයොද් අයියා කතා කරෙ නැද්ද ..."
" ඉයෙ රෑ ගත්තා ..."
" එන දවසක් කිව්වෙ නැද්ද..."
" පෙරාදෙනියෙ හොටෙල් එකේ වැඩ ඉවර වුනාම එන්නම් කිව්වට දවසක් කිව්වෙ නැ..."
" ලගදි ඉදන් අයියා වෙනස් නෙද...කලින්ටත් වඩා මහන්සි වෙන පාටයි...මගෙ මුන බලලා කතා කරන්නෙවත් නැ අශ් මට හරි අවුල් අයියා හොදට හිටියා නෙ මගෙ අතින් නොදැනුවත්ව වැරැද්දක්වත් වෙලාද..."
" එහෙම දෙයක් නැ ඔයා හිතනවා වැඩියි...බිස්නස් වැඩ නිසා අයියා මහාන්සි වෙනවා වැඩියි ඩිග්‍රිය ඉවර කරලා මාත් අයියට උදව්වට යනවා ඒ වෙනකල්වත් ඉන්න හිතක් නැ හිතුනොත් දෙසැම්බර් නිවඩු සතියෙ මාත් පෙරදෙනිය යනවා..."
" අනේ..."
" අනේ කියන්නෙ..."
" එතකොට මං..."
" ඔයා මෙහෙ ඉන්න ඔවා අස්සෙ ඔයාව අරන් ගිහින් පරිස්සම් කරන්න බෑ..."
" මං කොල්ලෙක් ඔයි මගෙ පරිස්සම මං දන්නවා..."
" මුරන්ඩු වෙන්න එපා..."
" ඔයාත් වෙනස් වෙලා ඉස්සර වගෙ ඇත්තෙම නැ මාව මග අරිනවාත් වැඩියි අදත් බලන්න කියලා කියලා නේ ටවුන් එන්න කැමති කර ගත්තෙ..."
" එහෙම නැ පිස්සු..."
" ඔයාගෙ පොඩි වෙනසත් මට ලොකුවට දැනෙනවා අශේන් ඔයා එකට කියන්නෙ පිස්සු කියලාද එත් මං කියන්නෙ එකට ආදරෙ කියලා මැරෙන්න තරම් ආදරෙ කරනවා කියලා..."
" මොකක්ද යශ් වෙලා තියෙන්නෙ විනාඩි පහක් හොදින් කතා කරොත් පැය භගයක්ම රන්ඩු වෙන්න පුලුවන් කතාවක් ඇදලා ගන්නවා මොකක්ද මෙකෙ තෙරුම..."
" අ...අශේන්..."
" ඔව් අශේන් තමයි...මෙක මට මහා හිසරදයක් වෙලා තියෙන්නෙ ඔලුව කන්නෙ නැතුව ඉන්නවා හලො..."
" අශේන් අනේ කොහෙද යන්නෙ...අශේන් මෙ අහන්න කො අශේන්..හරි සොරි අනේ සොරි කිව්වානෙ අයෙ එහෙම වෙන්නෙ නැ...අශේන්...."