ආ..ජිකි... ලඩකි අයි ටේල් යු....
කිතිනේ...ලඩ්ඩු.. වට් යු ඩු.....
ඔ මයි ඩාර්ලින්..අයි ලව් යු......
ඔ..මයි..ඩාර්ලින් .....අයි...ලව්...යු......
" සියේ..."
අපිව දැකලා සියාගෙ මුන අටපට්ටම වගෙ උනා..අපි බය වෙලා දුවලා යද්දි අපේ සියා පදයි චචනයි ඔක්කොම පටවගෙන අත්තම්මා ගෙ ඔසරි පොටත් වන වන සින්දුක් කියනවා..අත්තම්මා අපි දිහා බැලුවේ අනේ මාව බෙර ගනින් පුතේ කියන්න වගෙ අසරන බැල්මකින්..
" අපි වෙලාවටම අවේ නැත්තම් සියා ගේ ෆ්‍රී මියුසිකල් එක මිස් වෙනවා නෙද යශ්.."
" එකතමයි.."
මමයි ආශේනුයි පහක් දලා සියාට හිනා වුනා..අත්තම්මා හිනාව නවත්ත ගන්න තොල් තද කරන් ඉන්නවා..අසරන සියා
" නවත්ත ගනිල්ලා තොපි දෙන්නගෙ හිනාව..මම තමයි කොල්ලා කාලෙ ගමේ ගායකයා කෙල්ලො පස්සෙන් අවේ පස්සෙන්.."
" හැන්දෑවෙ හය වෙද්දි වැව් පාරේ බෙරිහන් දුන්නෙ ඔයා නෙද මහාත්තයා.."
" ඔයාලට කියන්න දරුවෝ..ඔය මිරිස් ගොරකා වගෙ අව්වෙ වෙලේන දෙවල් වෙලෙන්න දැම්මාම රිලව් ඇවිත් උස්සන් යනවා එකට ගමේ මිනිස්සු සියාව තමයි හොයන් එන්නෙ සියාගෙ ගීත හැකියාව නිසා රිලව් බිම දිගෙත් දුවන් ගියේ..පස්සෙ ඉතින් මෙයා ගාම්මුලාදැනි උනාම ඔවාට ගෙන්න ගන්න බැරි නිසා තමයි ගස්වල ටකරම් එල්ලුවේ..නේද මහාත්තයො.."
සියාගෙ අට්පට්ටම වගෙ තිබ්බ මුන දහඅටපට්ටම උනා..මුලාදැනි මහාත්තයා හමිනෙගෙන් මෙහෙම අපහස විදිනවා කියලා ගම්මු දැන ගත්තා නම් කොහෙන් හිනා වෙයිද දෙයියනේ..
" අනෙ මෙ හාමිනේ..මෙ කොල්ලන්ට බොරු කියන්න එපා.."
" ඒ විතරක් නෙවෙයි මෙයාට සත්තු භාශාවත් පු..කොහෙද යන්නෙ ඔය.."
" දැන් ඔය පුත්තු දෙන්නා ඉන්නවා නේ තනි රකින්න මං යනවා සුද්දි ගෙ තනි රකින්න.."
සුද්දි කියන්නෙ සියාගෙ වැස්සි..එයාට පැටැව් නැ එයා වදයි කියලා ගමේ කවුරුත් සුද්දිව හදාගෙන නෑ..සියා තමයි සුද්දිව අරන් හදාගෙන තියෙන්නෙ සියා සුද්දිට පණ ඇරලා හැමදම රැට සුද්දිව බලලා ඇවිල්ලා තමයි නිදා ගත්තේ..මොන වැඩේ තිබ්බත් සුද්දි ගැන හොයලා බැලුවා..