" මගෙ කකුල් දැනටම පණ නැ යකො...උබලා පලයන්ලා හෙට මට උණ..."" අපො ....ඔයි තමුසෙත් කොල්ලෙක්ද.."
" ඇයි සැකද...සැකෙ නම් බිජය පැලවිම හොද නැත ඉතින් සොදුරිය ඔබේ සැකෙ බිජය මුලින් උපුටා දැමිමට අද රැට උඩට නගින්නද..."
" රැට රැට නගින්න ඇවිල්ලා සදහටම බස්සගෙන ඉන්න වෙයි පුචාට.."
" නවත්තපන්කො තොපිලාගෙ කුනුහර්ප..මට නොට් එකත් වරදිනවා..රන්ඩු වෙන්න ඔනෙ නම් අර අරහෙට ගිහින් රන්ඩු වෙයල්ලා මට වැඩෙ කර ගන්න දිලා.."
අපි හිටියේ නුග ගස් යට තියෙන පාඩම් කරන්නම හදපු රවුම් සිමෙන්ති මේසෙ වටෙට තිබුන රවුම් සිමෙන්ති බංකු වල වාඩිවෙලා..එක සැරෙට වටෙ වෙලා හතර දෙනෙක්ට ඉද ගන්න පුලුවන් මෙ තැන හරිම නිදහසයි හෙවනයි...
කසුන් ශාවි රන්ඩු කරන අතරේ මම අශේන් ගෙ නොට් කම්ප්ලිට් කරා...අයොද් එක්ක හන්තානෙ ගිහින් ඉදපු නිසා දවස් දෙකක්ම එයට ලේක්ජර්ස් මිස් උනා ප්‍රින්ට් අරන් ගන්නම් කියලා කිව්වට ඔය ගන්න ප්‍රින්ට් එකක්වත් මෙකා අතින්වත් අල්ලන්නෙ නැති බව දන්න නිසා එයා හිස් වෙච්ච නොට් මම සම්පූර්ණ කරන්න ගත්තා...හැබැයි මිනිහා මිසින්..
හෙට තමයි අපේ හන්තාන ට්‍රිප් එක...හැම අවුරුද්දෙම පලවෙනි අවුරුද්දෙ සෙට් එකව හන්තාන ගනින්න කැම්පස් එකෙන් එක්ක යනවා..අනිත් අවුරුදු වලට වඩා මෙ අවුරුද්දෙ ට්‍රිප් එක යන්න පරක්කු වෙලාත් දින ලැබුනේ...සිනියර්ස්ලා නම් කියන්නෙ පලවෙනි අවුරුද්දෙ තියෙන සුපිරිම ඉවෙන්ට් එක මෙක කියලා...සින්දු කිය කිය හිනා වෙවි ජොලියෙ නැගලා ජොලියෙ බහින්න පුලුවන් ලු...අනිවාර්යයෙන් නගින්න කලින් වැහි පොදක්වත් නොවැටෙවා කියලා දළදා හාමුදුරුවෝ සිහි කරලා නගින්න කියලාත් අපිට කිව්වා..නුවර කියන්නෙ හිතු මතේ වැස්ස කඩාන්වැටෙන තැනක්..වැස්සට කදු නගින්න තියා මහා පාරෙවත් ඇවිදින්න බැ...ඒ නිසා අනිවාර්යයෙන් නගින්න කලින් දළදා හාමුදුරුවෝ සිහි කරපන් කියලා තදින්ම සිනියර්ස් ලා අපිට ඉයේ රැස්විමෙදි කිව්වා..
කසුන් නහාගෙන් අඩනවා ශාවි ඌගෙ පිරිමිකමෙ තරම මනිනවා ඌන් දෙන්නා කුනුහර්ප පලන ගමන් මරා ගන්නවා..ඉවසන් ඉදලා බැරිම තැන මම කැගැහුව්වට ඌන් දෙන්නා නෙවෙයි එක කනකටත් ගත්තේ..දෙන්නගෙම බැල්මෙ තිබ්බෙ "මූව නිකන් කනවාද ඩෙවල් දලා කනවද " වගෙ බැල්මක්...