" එයාට මෙහෙ ස්ටඩි කරන්න කියන්නකො.."
" එහෙම බෑ ශාමියා ඔයා දන්නවා නෙ පුතා මුරන්ඩුයි පොඩි කාලෙ වගෙ බැනලා හදන්න බෑ දැන් එයා ලොකු ලමයෙක්.."
" එත් අර්ජුන් අපෙ දරුවා එයාව අපිට නැති උනොත්..එයා පොඩි නැ අනික..අනික නුවර අනෙ මට බෑ මගෙ දරුවාව නැති කර ගන්න බෑ.."
" ශාමි පොඩ්ඩක් අහන්න නුවර ගිය පලියට එහෙම වෙන්නෙ නැ..අනික මෙ ඇත්ත මායි ඔයායි අපෙ නංගි අර මනුස්සයායි හොස්පිටල් එකෙ නර්ස් ඇරෙන්න වෙන කවුරුත්ම දන්නෙ.."
" එත් ඔයා හිතනවාද එයා මෙක නොදැන ඉදි කියලා..අවුරුදු 19 මෙ අවුරුදු 19 ටම එයා අම්මා කිව්වෙ මට ඒක මම මැරෙනකල්ම එයාගෙ කටින් අහන්න ඔනෙ අර්ජුන්..මගෙ දරුවා නැති උනොත් මං මැරෙයි දෙයියනේ.."
" මොන ඇත්තක් ද අම්මා..ඇයි ඔයා මැරෙන්නෙ..ඇයි මං නුවර යනවට ඔයාල අකමැති මට කියන්න ඔයලා මගෙන් මොනාද හන්ගන්නෙ..කියන්න තාත්තා මොනාද..මම නොදන්න ඇත්ත මොකක්ද ඒ ඇත්ත.."
" නැ..පුතා මෙ අම්මට පිස්සු එහෙම දෙයක් නැ.."
" ඔව් පුතා ඔයාගෙන් මොනා හන්ගන්නද..ඔයට බඩගිනිද එන්න කමු.."
" ඔයා මට හන්ගන දෙ මම හොයා ගත්තොත්..ඔයලා බයෙන් ඉන්න දේ මොකක් උනාත් ඒක සිද්දවෙයි..ඉට පස්සෙ මට දොස් කියන්න එපා.."
මම අයෙත් කාමරෙට ගිහින් දොර වහා ගත්තා..ටික වෙලාවකට පස්සෙ ඒ දෙන්නම ඇවිත් මට කතා කරා..
" පුතා මෙක අරින්න කො දරුවෝ.."
" හරි අපි ඔයාට එක කියන්නම් මෙක අරින්න.."
" අර්ජුන්.."
" එයා පොඩි නැ කවදාහරි මෙක දැන ගන්න ඔනේ..අද එකට දවස වෙන්න ඇති.."
අරිනවාදො නැන්ද්දො කියලා හිත හිත ඉදලා මම දොර ඇරිලා..අම්මා ගෙ ඇස්ව කදුලු පිරිලා..සොරි අම්මා හිත රිද්දන්න හිතුවෙ නෑ
" වාඩි වෙන්න පුතා.."
අම්මා මාත් එක්කම ඇදේ වාඩි වෙද්දි අපි එහා පැත්තෙන් පුටුවේන් තාත්තා වාඩි වුනා..