නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි...........
නුඹට හිත බැඳි කාරනේ මම
තවම සොයන්නෙමි............." අයියේ..."
ඈතින් පේන ආස්යගෙ රොබරොසියා ගහායි.....ගහාම අරක් ගත්ත රෝබරොසියා මලුයි......යන්තමට මොදු විගෙන එන හද පලුවයි......අහසෙ පලු මකන්න වගේ දිලිසි දිලිසි තියෙන තරුයි......එක්කලා එකට එකතු වෙලා තනිය මකන මගෙ පුංචි ගිටර් තනුයි එක්ක...කාමරේ බැල්කනි එකට වෙලා බිත්තියට හෙත්තු වෙලා බිම වාඩි වෙල ඉන්න මම......අසම්මතයටම ලියැවුන ගහක මල් පිපිල කිව්වා..
මමත් තවම හොයනවා.......හදිස්සියෙ මගෙ ජිවිතෙට ඇවිත් හදිස්සියෙම මගෙ හිත අරක් ගන්න ඔයාට ඉඩ දිපු එක ගැන.......ඔය අහසේ පායන එකම හද මට වෙන්න පුලුවන් වුනා නම්........
මගෙ ලොකේ තනි වෙලා හිටපු මම සිහියට අවා......චුටිගෙ කටහඩ එක්ක.......
" ම්ම්ම්.."
" ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔනේ..."
" හිටගෙන බෑනෙ චුටි...වාඩි වෙන්න..ම්ම්.."
දෙගඩියාවෙන් මගෙ ලග හිටන් උන්න..චුටිට මම පොලවට තට්ටු කරලා ඉද ගන්න කිව්ව පරක්කුවට එයා ඉද ගත්තා...
" මොකො දෙගඩියාවෙන්..."
"ම..මෙ..ම්.."
" චුටි මුලින් හොද හුස්මක් අරන් සන්සුන් වෙන්න..ඉට පස්සෙ අව කාරනාවට එන්න.."
හොද හුස්මක් අරන් සන්සුන් වෙන්න කියනවත් එක්කම පපුව පුරොලා බර හුස්මක් අරන් හුලගට මුසුකරා...
" රයිට්..දැන් කියන්න..මොකක්ද කාරනාව..පරන අවුරුද්දෙ මෙච්චර දෙගඩියාවෙන් ඉන්න තරම් හිතට වද දෙන දේ මොකක්ද .."
අවුරුදු ලබන්න තව පැය විසි හතරක්වත් ඉතුරු වෙලා නැ...අවුරුදු 20 කට පස්සෙ අයෙ අපෙ ගෙදරත් කීරි ඉතිරෙනවා..අවුරුදු කැම පිරුනු කැම මෙසෙයක් හැදෙනවා විතරක්ම නවෙයි තනිකම කියන දේ ටිකෙන් ටික වචනයක් විතරක් වෙලා වලව්ව ඇතුලෙ සතුට ඉතිරෙනවා..චුටිගෙයි අස්ය ගෙයි පුංචි පුංචි රන්ඩු කැගැහිලි මේ හැමදෙකින්ම සද්ද නොකර ඉන්න මගෙයි සියාගෙයි කන් වගෙම වලව්ව බිත්තිවල පවා සද්දෙන් පිරිලා...