" හරි දැන් ඔක හිතන්නෙ නැතුව ඉන්න කො.."
" ම්ම්.."
" යශ් ඔයා ඔහොම මුහුන එල්ලන් ඉන්නෙ නැනෙ..එහෙම ඉන්න එපා අපිට මිනිස්සුන්ගෙ කටවල් වහන්න බෑ හොදම දේ මෙ කනෙන් අහලා ඒ කනෙන් පිට කරන එක..ඔයා ඉන්න තැන පරිස්සමට ඉදලා අත්තම්මා ලාගෙ වැඩ ඉවර උනාම අයෙ පරිස්සමට නුවර යන්න.."
" අවුලක් නැ.."
අත්තම්මා ගෙ මල්ලිගේ මිනිපිරි මල්වර වෙලාලුනේ... මමයි සියයි අත්තම්මා යි මැනිකේ නැන්දයි අඩුපාඩුවට අයොදුත් අපි එක්ක මාතලේ අවා..මෙහෙ මාර ලස්සන යි පුංචි කාලේ අවාට පස්සෙ මේ අවාමයි.. අපේ අප්පච්චි කැමති නැනෙ නැයො අශ්‍රය කරන්න ඒ නිසා මම අත්තම්මා පැත්තේ සියා පැත්තෙ මිනිස්සුන්ව වැඩිය දන්නෙ නෑ..අත්තම්මා මහා ගේ ගොඩක් ලොකුයි...මහා විශාල වත්තක් දැන් නම් ගෙදර ඉස්සරහ වත්තෙ හට් ගහලා..බල්බ් දලා..පර්ටිය හෙට නේ හැමොම හරි හරියට වැඩ එද්දි ලස්සන උනාට අව වෙලේ ඉදන් මිනිස්සු ඇහුව්වෙ අම්මා අප්පච්චි ගැන..එයලා ඩිවොස් කියලා දැන ගත්ත අය වඩින් ගොඩින් කියපු දෙවල් නිසා යන්තමට හරි මගෙ හිත පැරිලා තිබුනේ...අත්තම්මා ගෙ ලොකු අක්කා කියන්නෙ ලමයින් ගෙ මුසලකම නිසලු දෙමව්පියෝ වෙන් වෙන්නෙ..ගනන් නොගත්ත වගෙ හිටියට එයලාගෙ දික්කසාදෙට මගේ මුසලකමක් බලපැවද කියලාත් නොහිතුනාම නෙවෙයි...පව් මගෙ අත්තම්මා තමන්ගෙ අක්කට කට ගහන් යන්න බැරි නිස එයා කාර බාගෙන ඉන්නවා... මගෙ හිත තවත් රිදෙනවා බලාන් ඉන්නත් එයට බැරි නිසා මාව සුද්දා එක්ක වැවට එව්වා..සුද්ද කියන්නෙ අත්තම්මේ නංගි ගෙ මුනුපුරා එයා ඉපදෙද්දිමයි අම්මා නැති වෙලා එදා ඉදන් නැන්දා අච්චි ගාව තමයි එයා හැදුනේ මේ නැදෑයො එයටත් නොකියපු කතාවක් නෑ...අව වෙලෙ ඉදන් මාත් එක්ක හිටියෙ සුද්දා විතරයි අනිත් සහොදරයන්ගෙ එහෙම සීන් එක සීන් බල බල උන් පස්සෙන් යන්න මම අතින් පල්ලෙන් වැටිලා නැනෙ...වැව ට අවාම සුද්දා ගිය මා දාම් කඩන්න මෙහෙ හරි හරියට වැව ලග මාදම් ගස් පිරිලා ..මම කලු ගලක් උඩ වාඩි වෙලා වැව දිහා බලාන් ඉද්දි රින්ග් උන ෆොන් එකේ වොල් එක දැක්කමයි හිතට සතුටක් දැනුනේ...හැමදෙම හන්ගන්නෙ නැතුව කියලා හිත නිදහස් කර ගන්න පුලුවන් හොද යලුවෙක් ඉන්නවා නම් වෙන මොනාද තව ඔනේ...