මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ...ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ..
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ..
උදේ ඉදන් වැඩත් එක්ක හිර වෙලා ඉද්දි වෙන කිසිදෙකට අවදානේ දෙන්න යන්නෙ නැ එක මගෙ හැටි..කම්පැනි එකෙන් අයෙත් හන්තාන වලව්වට යන්න වැව රවුමෙ ට්රැෆික් එකට වහානෙ නතර කරන් ඉන්න ගමන් රේඩියෝ එකෙ යන සින්දුවට ඇහුම්කන් දුන්නෙ යශෝද් ගෙ මතක එක්ක එක මොහොතක මං තනි වුනා..මාස එකමරකට කිට්ටුයි ඒ රූපෙ නොදැක අයෙ වලව්වට යන්න ඔනෙ උනාත් මගෙ හිත තවමත් අදිමදි කරන්නෙ අම්මාගෙ දානෙ නිසා සියා වලව්වෙ ඉන්න එකම නෙවෙයි.. අනිවාර්යයෙන් සියා හම්බවෙන්න එයා එහෙට එනවා ඒ මනුස්සයාව දකිද්දි මගෙ අහිංසක අම්මාව මට මතක් වෙන්නෙ පපුවෙන් දැනෙන රිදුමත් එක්ක...එක මොහොතකට මගෙ ඇස් නතර වුනේ කඩල ගොට්ටක් ගන්න වයස මනුස්සයෙක් එක්ක ඉන්න පුංචි පිරිමි ලමයා ලග ඉස්සරහ මාත් හවසට සියා එක්ක වැව රවුමට එනවා ඒ හැම දවසකම කඩල ගොට්ටක් හරි වඩේ හරි අරන් දෙන්න සියා අමතක කරේ නැ..
එකපාරට ආව සිතුවිල්ලත් එක්ක මං වාහනෙ හැරෙව්වෙ වලව්වට..මගක් යනකොට වලව්වෙන් කොල් එකක් අවේ කන්තිගෙ කලබලකාරී කටහඩට හිතේ නොරිස්සමක් ඇති වෙද්දි..
" පොඩිහාමුඅනේදෙයියෝමෙහෙටඑන්නමහාත්තයා.."
" මොනාද කියවන්නෙ කාන්ති මට මුකුත් තෙරෙන්නෙ නැ.."
"ලො.."
සලං
එහා පැත්තෙන් ඇහුන විදුරු බිදුනු සද්දෙත් එක්ක කාන්ති කියන්න හදපු දේ නතර වුනා..
" කාන්ති මොකක්ද උනේ..ඔතන මොකක්ද වෙන්නෙ කියපන් ගෑනියෙ.."
මම ගෑනු කෙනෙක්ට කවදාවත් සැරෙන් කතා කරලා නැ විශේශයෙන් කාන්තිට..නම කියලා කතා කරට මගෙ හිතේ ඒ මනුස්සයා ගැන ලොකු ගරුත්වයක් තිබුනා..අද මගේ අම්මා හිටියා නම් මං වෙනුවෙන් කරන දෙවල් තමයි කාන්ති අද මං වෙනුවෙන් කරන්නෙ..කාන්තිගෙ මහාත්තයා සැරෙන් කතා කරාත් මං ඒ මිනිහාටත් බැනලා කාන්තිගෙ පැත්ත ගන්නේ ඒ නිසායි..