" සුදු පුතා නැගිටින්න කො දරුවො...ඉයෙත් කැමක් නැ අදත් උදෙටත් කැවෙ නැ දවල්ට කලාත් නැ....හවස තෙකත් එහෙම්මයි...රැටවත් බත් කටක් කමු කො...පුතා..."
"................."
" මොකක්ද ප්‍රශ්නෙ අත්තම්මා එක්ක කියන්න පුලුවන් නෙ...හැරෙන්න කො පුතෙ....උබ ඔහොම නොකා නොබි ඉදලා ලෙඩ වෙන්නද යන්නෙ...පුතා..."
" මට බඩගිනි නැ අත්තම්මෙ...මට මහන්සි ඇග රිදෙනවා නිදා ගන්න දෙන්න කො..."
" හාමිනෙ එන්න කො...කොල්ලට ඉන්න දෙන්න..."
" ඔයා නම් කියයි අපෙ මහාත්තයා මගෙ හිතෙ ගින්දර දන්නෙ මං විතරයි....දරුවා ගෙ මුනත් සුදු මැලි වෙලා ගිහින්..."
" හරි ඔයැයි එලියට එන්න කො..."
ඉයෙ කැම්පස් එකෙදි කාපු දෙයක් ඇරුනාම හොස්පිටල් එකෙන් දුන්න සෙලයින් එක ඇරෙන්න වෙන කිසිදෙයක් ඇගෙ හයියට තව වෙනකල් ඇගට වැටිලා නැ...ගෙදර අව වෙලෙ ඉදන් නිදා ගත්ත එක ඇරෙන්න වෙන කිසිදෙයක් නොකර ඔහේ ඉන්න මාව දකින අත්තම්මා හැම වෙලෙම හුල්ලන්න ගත්තා...නොකා නොබි මට ලෙඩක් හැදෙයි කියලා බය උනා දැන් නම් හිතෙනවා එහෙම වෙලා හරි මැරිලා ගියා නම් මෙ වයස මිනිස්සු දෙන්නට හරි ජිවිතෙ ඉතුරු ටික නිදහසෙ ගෙවන්න පුලුවන් වෙයි...
" සුදු පුතා...කෝ හැරියන් කො..."
අත්තම්මා ගියාම සියා කාම්මරෙට අවා ඇද කොනෙන් වාඩි වෙලා මගෙ ඔලුව අත ගෑවා...මට හැරෙන්න කිව්වා...මුනින් අතට උන්න මම හැරුනා උඩබෙලි අතට හැරිලා ඇදෙ ඇලවෙලා සියා දිහා බලාගෙම...
" වෙන හැමදෙම වෙලා ඉවරනෙ පුතේ...උබ තනියෙන් විදෙව්වම හරියනවද..."
"............"
" රැවටිමක් දරා ගන්න අමාරුයි තමයි පුතේ...එත් එක පාරක් උබෙ අත්තම්මා දිහා බලපන් ඉයෙ ඉදන් මෙ වෙනකල් ඒ මනුස්සයාගෙ උගුරෙන් පහලට වතුර උගුරක් ගියෙ නැ බං...උබට කන්න හිතක් නැති වුනාත් ඒ ගැනිට පෙන්න හරි බත් කට කාපන්..."
වෙච්ච කෙරිච්ච හැමදෙම අයොද් අයියායි හවස ඇවිත් ගිය ජාති මිත්‍ර පරාන දෙකයි සියාගෙ කලේ තියලා තිබුනා...සියා කරේ ඉල්ලිමක්ද අණ කිරිමක් ද කියලා මට හිතා ගන්න බැරි උනාත් මං හින්දා හුල්ලන ඒ හිත් දෙකට සහනයක් දෙන්න මං තිරණය කරා...