" අශේන්...."
මගෙ ඇස් නතර වුනේ සාලෙ මැද තිබුන මිනිපිට්ටියෙ ඇතුල උන්න මනුස්සයාව දැකලා....මෙ මිනිහාට මොලේ අමාරුව කියලා දැනන් උන්නට මෙච්චරටම අවුල් කියලා දැන ගත්තෙ අද නැත්තම් මෙහෙම පිස්සුවක් නටයිද....
" අශේන් පිස්සු ද ඔයි...."
මගෙ කටහඩට හැමොම මගෙ දිහා බැලුවා.....අයොද් අයියා වෙඩිල්ල වගෙ මං ලගට අවා....
" ඔයි නැගිටිනවා මොකද මේ....ඇස් රතු වෙන විහිලු කරන්න එපා අශේන් මං කැමති නැ....මොකද මෙ නහය අස්සෙ පුලුන් ගහාගෙන හුස්මක් ඇල්ලුවොත් ඔක නස් පොල්ලෙ හිර වෙනවා....කො අයින් කරනවා...."
අශේන් ගෙ නාස් කුහර අස්සෙ තිබුන පුලුමට අත තියද්දි අයොද් අයියා මගෙ අත අල්ල ගත්තා.....අම්මො මෙ මනුස්සයා ඇස් බොර පාටයි එලිවෙනකල් අඩලා වගෙ ඉන්නෙ මොකද බයත් හිතෙනවා ඇස් වටෙ කලු වෙලා තියෙන විදිහට.....
" අස්ය එන්න...."
" කතා කරන්න තියෙනවා නම් පස්සෙ අයියේ...අද අශෙනුයි මායි දළදාවෙ යන්න ඉන්නෙ....එත් බලන්න කො මෙ මනුස්සයා නටන නාඩගම.....අශේන් නැගිටිනවා....හැබැයි ඇත්තමයි අශේන් රොබරොසියා කොට්ටක් කඩලා කැඩෙනකල් ගහනවා පුකේ පලු දන්න....නැගිටපන් මිනිහො !!...."
අතින් ඇද ඇද අශේන්ව නැගිටවන්න හදන මංදිහාවට හැමොගෙම ඇස් යොමු වෙලා....සමහරු කුටු කුටු ගැවා තවත් අය අනුකම්පාවෙන් බලාන් ඉදියා....සමහරු කදුලු පුරොවන් බලාන් ඉදියා....තවත් අය පිස්සෙක් දිහා බලනවා වගෙ බලාන් ඉදියා....මුන් ඔක්කොටම පිස්සු ඔක්කොමල්ලා එකතු වෙලා අශේන්ට උදව් කරනවා....එකනෙ මේ සද්ද නැතුව ඉන්නෙ....අනෙ ඇත්තමයි මට එන තරහක්....ඒ මදිවට මෙ මිනිහට සන්නිසිය හැදිලා ද මං දා ෆ්රිස් කරලා වගේ සිතලම සිතලයි....
" අශේන් නැගිටිනවා....."
" අස්ය කියන දේ අහන්න...."
"මොනා අහන්නද අයියෙ ඔයලා ඔක්කොම එකතු වෙලා මෙයාගෙ මෙ පිස්සු වැඩ වලට සපොර්ට්නේ...."
" සුදු පුතා ඇයි දරුවො මේ...."
" අත්තම්මා ඔයාවත් කියන්න මූට මෙ විහිලු හොද නැ කියලා....නැගිටින්න කියන්න අත්තම්මා..."