" Good morning කාන්ති නැන්දේ.."
" අනේ මොර්නින් මොර්නින් චුටි හාමු.."
" අයියො මට හාමු කියන්න එපා හුරු නැ.."
" එහෙම කියලා බැ චුටි ඔයා ඔවට හුරු වෙන්න ඔනේ..දැන් මාසෙකටත් කිට්ටුයි නේ ඔවාට කවද්ද හුරු වෙන්න ඉන්නෙ.."
අවුරුදු ගානක දුකට තිත තියන්න කාලේ අවා..මල්ලි වලව්වට ඇවිල්ලා දැන් මාසයකට ලගයි ඒ කාලෙ ඇතුලත වලව්වෙ ගොඩක් දෙවල් වෙනස් වෙන්න ගත්තා..මෙච්චර කල් වලව්වට අලුත් බඩු ගෙනාවෙ නැ ඔවා හොයන්න උනදුවක් මටවත් සියාටවත් තිබ්බෙ නෑ..වැඩ කරන අය නිසා තමයි මේක මෙහෙමවත් තියාගෙන ඉන්නෙ එත් දැන්-දැන් එවා ගොඩක් වෙනස් වෙලා වලව්වට දලා තියෙන ජැනෙල් රෙද්ද පවා මල්ලිගෙ කැමැත්තටයි දලා තියෙන්නේ..ඌට හැමදෙම ගැලපෙන්න ඔනේ..අස්යයි අනිත් යලුවෝ දෙන්නයි එක්ක එකතු වෙලා වලව්වෙ බිත්ති කඩපු නැති එක විතරයි කරේ එය අවට පස්සෙ සද්ද බද්ද නැතුව සොහොන වගෙ තිබ්බ මෙක දැන් හරියට club එකක් වගේ සද්දයි..දැන් තමයි මම මෙක ඇතුලෙ සැනසිමෙන් හුස්ම අල්ලන්නෙ..
මල්ලිට තවමත් හාමු චරිතෙට හුරුවක් නැ..අපි එයට බල කරන්නෙත් නැ..එත් එයා ඒ නමට හුරු වෙන්න ඔනේ..මොකද එකයි මේ පවුලේ විදිහ..
" ඒ වු.."
" චුටි ඔයා හාමු කෙනෙක් වෙන්න ඔනෙ නැ අපි ඔයාට බල කරන්නෙත් නැ ඔයා ඔයාම වෙන්න හැබැයි ඔයාගෙ පරම්පරාව වලව්කාරයො තෙරුනාද.."
" ම්ම්.."
" කාන්ති නැන්දේ..කැම මෙසෙට යවන්න.."
" හරි පොඩි හාමු..."
ඉස්සර කාන්ති කියපු මම දැන් කාන්ති නැන්දේ කියනවා ඒ වෙනසත් චුටි නිසා..නම කියලා කතා කරනවා කියලා ඔකා වලව්ව දෙක කරලා නතර වුනේ..අනෙ මංදා අම්මා මෙව්වා දැක්කා නම් හර්ට් ඇටැක් හැදෙනවා..
" අයොද් ඔෆිස් යනවාද.."
සියායි මමයි මල්ලියි අපි තුන්දෙන්නාම එකට ඉන්නෙ..මල්ලි කියන මැජික් එක මෙහෙට පය තිබ්බට පස්සෙ හැම දුකක්ම වලව්ව පිටි පස්ස දොරෙන් පැනලා ගිහින්..
" නිවාඩු හිටියා ඇති කියලා හිතුනා.."
මල්ලි නිසා මං නිවාඩු දැම්මා..අසනිපයකටවත් ඔෆිස් නොහින් නොහිටිය මම පලවෙනි වතාවට මාසක්ම ගෙදර හිටියා..ඔෆිස් එක බලන්න සියා ඉන්න නිසා කිසි ප්රශ්නයක් නැතුව ගෙදර නතර වෙන්න පුලුවන් උනා..හැබැයි නිවාඩුවක් නම් තිබ්බෙ නැ පොඩි උන් ටිකක් අරන් මුලු නුවරම යන්න උනා..