දෙවන දිගහැරුම

1K 105 71
                                    

"මේක නිකං Vehicle Parade එකක් වගේනෙ..."

දැන් අපි Sidus Lane එකට හරවලා විනාඩි දහයකටත් වැඩියි තාමත් එකම තැන. මේ පාර කෙලින්ම යන්නේ ඉස්කෝලෙකට. පාර දෙපැත්තෙ තිබ්බෙත් ඉස්කෝලෙ ම තමයි. ඒ නිසා වෙන වාහන මොකුත් එන්නේ නැහැ. පාර දෙපැත්තෙම උසට ගල් අල්ලලා බැම්මක් බැඳලා එතනින් තව ටිකක් උසට ළා කොල පාට තණකොල වවලා. හැම තණකොල ගහක් ම පනාවකින් පීරලා වගේ එකම මට්ටමකට කප්පාදු කරලා නඩත්තු කරලා තිබුණේ ඉස්කෝලෙකට එහා ගියපු අමුතු ම රාජකීය ගනයේ සුඛෝපභෝගීත්වයක් ආරූඪ කරලා. මගේ කොණ්ඩෙවත් ඔය තරං හොඳට Maintain කරන්නේ නැතුව ඇති.

අපිට ඉස්සරහින් තිබ්බේ Mercedes-Benz එකක්. ඊට ඉස්සරහින් Audi එකක්. මං දැක්ක විදියට නං ඊටත් ඉස්සරහින් තිබ්බේ Outlander එකක් වෙන්න ඕන. සයිඩ් කණ්ණාඩියෙන් පිටිපස්ස බලපුවාම අපිට පටිපස්සෙන් අපේ වගේ ම තවත් තඩි සුදු පාට Range Rover එකක් ම තිබ්බා. ඒකට පිටිපස්සේ...මොකක්, තනි කළු Defender එකක් නේද? ම්ම්ම්...That's Hot.

මම කලින් ඉස්කෝලෙ ගියේ කොළඹ. ඇත්තටම SUV කියන්නේ මට මේ අමුතු මැජික් එකක් නෙවෙයි. ඒ උනත් ඉස්කෝලෙක 12 වසරට ළමයි බඳව ගන්න උත්සවේකට මේ වගේ රථ පෙලපාලියක් දකින එක නං මං කවදාවත්ම විශ්වාස කරපු අත්දැකීමක් නෙවෙයි.

එකට පටන් ගන්න උත්සවේට උදේ දහයේ ඉඳන් Parking Available කියලා letter එකේ දාලා තිබුණේ ඇයි කියල දැන්නේ තේරෙන්නේ. පයින් ගියා නං මට ඔය වෙලාවේ ඩයස්ගේ නංගිත් එක්ක වැව වටේ රවුමේ වටයක් ගහලා, Queens එක ලඟ දි සෙල්ෆියක් අරගෙන, ඒක Insta ත් අප්ලෝඩ් කරලා, ධම්මික පැණියෙනුත් බෝතල් එක හමාරක් විතර බීලා එන්න Time ඇති.

කොහොම කොහොම හරි, සෙන්ටි මීටරෙන් සෙන්ටි මීටරේ ඉස්සරහට ගිහින් දැන් ඊලඟට මම තමයි ගේට් එක ලඟින් බහින්න ඕන.

අපිට ඉස්සරහින් තිබුණු Benz එකෙන් Buzz Cut ගහපු යෝධයෙක් වගේ, නෑ ඇලි ගෝරිල්ලෙක් වගේ සුදු උස පොරක් බිමට බැහැලා දකුණු කරට දාගෙන හිටපු බෑග් එක වම් කරට මාරු කරන ගමන් දොර අල්ලගෙන හිටියෙ උගේ අම්මාත් හෙමීට දොරට වඩිනකොට. මේක නිකං නිදහස් දවසේ ඇමතිලා ඇමති නෝනලා කාර්බාර් වලින් ගෝල්ෆේස් එකට එනවා වගේනේ. තනි කළු දිලිසෙන සාරි එකක් පොට කඩාගෙන වැටෙන විදිහට ඇඳලා හිටපු ඒ ආන්ටි බෙන්ස් එකක් නං නෙවෙයි, බුල්ඩෝසර් එකක්. ඉව්ව්....මිහිත්, බොඩි ෂේමින් චීත්තයා...(මං මටම Imaginary කම්මුල් පාරක් ගහ ගත්තා.)

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now