දොලොස් වන දිගහැරුම

392 55 18
                                    

ඈතින් පේන දළදා මාලිගාව වටේට දැන් දැන් ලස්සන කහ පාට පහන් දැල්වෙන යාමයේ අදත් මිදුල මැද සුදු පාට වට මේසෙ පාලුව මකන්ඩ අපි සෙට් එක එකතු වෙනවා. 

ඒත් අද මේක ප්‍රිය සම්භාෂණයකට එහා ගිය විශාල ප්‍රශ්නාර්ථයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් අද මේක ප්‍රිය සම්භාෂණයකට එහා ගිය විශාල ප්‍රශ්නාර්ථයක්. හයාන් ගේ වගේම අපේ මීඩියා යුනිට් එකේ සභාපති පුටුවෙත් අනාගතේ තීරණය වෙන සාකච්ඡාවක නිල ප්‍රතිඵල ගැන හරියට ම දැනගන්න තමයි අද අපි මේ සෙට් වෙන්නේ.

අරගලේ නවත්තපු වේලාවේ ඉඳන් එක හමාර දෙක වෙනකම්ම හැම sports team එකක ම captain ලා, මීඩීයා president හයාන්, පරාක්‍රම සර් එක්ක මුලු විනය පාලක මණ්ඩලයම කැඳවලා පිනා මොකද්දෝ ලොකු රැස්වීමක් ගත්තා. අපිත් බලන් ඉඳල බලන් ඉඳලා අන්තිමට ගෙවල් වලට ගියේ සිද්ධ වුණු දේවල් මෙහෙම කතා කර ගන්නවා කියලා හිතා ගෙන.

හැමදාම වගේ අදත් ඉස්සෙල්ලම ආවේ මිහිරාව්. ඒ එක්කම වගේ ඒඩනුත් ආවා. රවිඳුයි ඉවානුයි දෙන්නාම එකට ජිම් ගිහිල්ලා අපිට කන්ඩ බොන්ඩ එහෙමත් මළු පුරෝගෙන ඇවිත් තිබ්බා.

"අනේ අම්මයි චාච්චයි අපිට බඩුත් ගෙනල්ලා."

ඒඩන් ඒ සැනින්ම ඇතුලේ තිබ්බ SPRITE කෑන් එකක් කඩා ගත්තේ කකුල්දෙකත් නවලා පුටුව උඩ වකුටු වෙන ගමන්.

"අනේ පෙරේතයෝ ඕවා කට්ටියම ආවාම බොමු" ඉවාන් කෑන් එක උදුරාගෙන ආපහු වහලා තිබ්බේ ඒඩන් ගේ මූණ සියඹලා ලෙල්ලක් වෙනකොට.

"චාච්චේ, අම්මා මට බොන්න දෙම්නේ නේනේ..." ඒඩන් ඒ ගමන බොරු ඇඬිල්ලක් දාගෙන රවිඳු පිටිපස්සෙන් ගිහින් ඌව බදා ගත්තා. මිහිරාව් එක්ක මං මේ තිර ගත වෙන කෝලම රස වින්දේ ඉවාන් ගේ මූණ ටික ටික අම්ලෙකට වැටුණු ලිට්මස් කෑල්ලක් වගේ රතු වෙනකොට.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now