"අපෝ බං හෝල් ක්ලාස් ගිහින් ගන්න ආතල් එක කොහොමද බං ග්රූප් ක්ලාස් එකක ගන්නේ....මොන හුත්#ක් ද මන්දන්නෑ අපේ අම්මලටත්..."
රයන් ඉතින් අදත් නැට්ට ගිනි අරන් දඟලනවා.
"ඔව් ඉතින් උඹේ අන්තඃපුරේට ඔප්ශනස් අඩු වෙනවනේ..." ඒඩන් මේසෙයක් උඩට වෙලා රූබික් කැටයක් කරකව කරකව ඇඟට පතට නොදැනෙන්ඩ ඔය කියලා දැම්මේ තිත්ත උනත් ඇත්ත ඉතිං.
"දැන් ඔය අයිඩියා එක කාගෙද ඔක්කොටම කලින්?"
හයාන් ඇහුවේ බිත්තියට හේත්තු පාරක් දාලා පේලියේ හරස් අතට හැරිලා පුටු තුනක්ම අයිති කරන් කකුල් දෙක දිග ඇරගෙන. ඒක හිස් පීරියඩ් එකක් නිසා හොඳයි. අපේ ජපන් මැඩම් මන්දාරම් නුවර බලන්න ගිහිල්ලා.
"මෙහෙමයි සීන් එක හරිද.... මිහිත්ලගෙ කැම්පස් එකෙන් ස්පොන්සර් කරලා ඒ ලෙවල් කරන ළමයින්ටයි දෙමව්පියන්ටයි පොඩි දැනුවත් කිරීමේ වැඩසටහනක් වගේ ලෙක්චර් එකක් තියලා තියනවා හරිද... ඕකට අපේ අම්මත් මොන ලෝකෙන් හරි සෙට් වෙලා. ඉතිං ඕවගේ කියන කතා දන්නවනේ බං. ට්රෙන්ඩ් එකට හෝල් ක්ලාස් යන්ඩ එපයි අනම් මනම් වානං නේ. ඕක අහලා තමයි දෙන්නා ෆෝම් වෙලා තියෙන්නේ."
"ම්ම්.... අපි දැනට කට්ටියම කරන සබ්ජෙක්ට්ස්වලට තියෙන්නේ මීඩියයි ජපනුයිනේ. ජපන් එක කොහොමත් ග්රූප් ක්ලාස් එකක් වගේ නේ බං. මීඩියා එක තමයි දැන් මේ අලුතින් දාන්න යන්නේ." මමත් කැන්ටිමෙන් ගත්තු කප් කේක් එකෙන් කට කට ඔක්කොටම කවන ගමන් කිව්වා.
"දැන් එතකොට කවුද ටීච?"
"අපේ ඉස්කෝලෙ එක්කෙනාම තමා. උදාරා මැඩම්."
"ආආආආ... එයා ද? හැබැයි මැඩම් පට්ට බුලට් එක ආආ" රවියත් කතාවට එකතු උණා.
"ඔව් ඔව්. එහෙනං බදාදාට සෙට් වෙමු."
කියන ගමන් ම මම ග්රූප් එකේ මැඩම්ගේ ගෙදර ලොකේශන් එක ශෙයා කළා.
"බෑනේ... මේ බදාදා මීට් එකනේ. විසි අට..." හයාන් මතක කළේ අපි හැමෝටම අමතක උණු පොයින්ට් එකක්.
"අම්මටසිරි ඒකත් එහෙමයිනේ. කමක් නෑ පන්තියේ පළවෙනි දවසම හාහාපුරා කියලා නිවාඩු දවසකින් ම පටන් ගන්න පුළුවන්."
YOU ARE READING
අසීමාන්තික | | "UNCONDITIONALLY"
Fantasy"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbo...