හතලිස් දෙවන දිගහැරුම [Special Episode]

260 33 109
                                    

(සයිඩස්වරුණි, හෙට ඉතින් අපි මේ තාක් කල් නැහුණු මීඩියා ඩේ එකනේ. හයාන් අවුරුදු ගාණකට පස්සේ පටන් අරන්, තනියම නැහිලා නැහිලා, එක්සෑම් මිස් කරගෙන කරන්න පටන් ගත්තු දේනේ... ඉතින් අද බෝනස් එපිසෝඩ් එකක් ගෙනාවා..... මේක පුරා ම ආදරය උතුරන්න තියෙයි. ඒ වගේම පිස්සු හැදෙන හින්ට් ගොඩකුත්, හැබැයි හඳුනාගත්තොත් ඔබ මා ගනයේ හින්ට්... මම ඉල්ලනවා... ස්කිප් නොකර කියවන්න.... මොකද අන්තිමට තේරෙයි, අපි මේ එන්නේ ගං ඉවුරකට....

ඒවා අමතක කරලා කියවන්නකො...මාත් පිස්සු කියෝනවා මෙතන....

මෙන්න, හෙස්පෙරා 24' - Twilight of Legends ස්පෙෂල් එපිසෝඩ් !!! )

Welcome Everyone, This is අසීමාන්තික Fiesta !!!!!


........................


"අඩෝ මොන පාපයක්ද බං මේ, දෙයියොන්ටත් දොට්ට යන්ඩ වෙන වෙලාවක් තිබ්බේම නැද්ද?"

කළු පාට දූවිලි වැදුණු බොටම් ඇඳන්, මේන් ඔඩිටෝරියම් එකේ පින්න වැදිලා බාගෙට තෙත් වෙලා තිබ්බ කොරිඩෝවේ බිත්තියට පිට දීලා හිඟන්නෝ රැලක් වගේ වාඩිවෙලා වැස්ස පායනකල් කට්ටියක් දෙයියොන්ව ඉහේ ඉඳන් පට්ට ගහනවා.

"නෑ මේ සති ගානක් හිර කරගෙන ඉඳලා දෙයියො අද තමා ජොකා බාලා තියෙන්නේ...." ඒඩන් බයික් එකේ යතුරත් කරකෝ කරකෝ කිව්වා.

"නෑ මං නං කියන්නේ වැස්ස වලාහක දෙයියොන්ගේ දෝණි කේස්..." ඒ ශාක්‍ය.

"එහෙම ද නැත්තං ඒකෙ අනිත් පැත්තද දන්නේ නෑ..." මහ කැත හිනාවක් දාලා ඒඩන් එහෙම කිව්වේ තනි ඇහිබැමකුත් උස්සලා.

"ඒ කිව්වේ...?"

"නෑ ඉතින්.... වැස්ස වලාහක දෙයියොන්ට උතුරා ගලා යන්න සැපක් හම්බුණා වෙන්නත් පුළුවන්නේ..."

සැක්.... දැන් ඉතින් වැස්සේ තෙමිලත් ඉවරයි.

"අඩෝ ඒඩා උඔ මහා වල් අලියෙක් බං..." 

මෙවන් අත මිට මොලෝලා ඒඩන් ගේ මස් ගොබයකට බොක්සිං ගහන ගමන් කිව්වා.

"වල් අලියෙක් තමයි යකෝ... වලත්තකම එජාපය නම් මම එහි රනිල් වෙමි..!"

කිසිම එක්ස්ප්‍රෙශන් එකක් නැතුව තනි සමතලා මූණකින් දාර විහිළු කරන්ඩ ඒඩන්ට තියෙන්නේ සහජ හැකියාවක්. තියන එකම හැකියාවනේ ඉතින්....

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now