අට වන දිගහැරුම

516 55 33
                                    

"එසේනම් සයිඩස්වරුනි, දැන් එලැඹෙනුයේ අප සියලු දෙනා නෙත් අයා, සිත් අයා බලා සිටි ඒ අභිමානනීය මොහොතයි. 2024 පෙබරවාරි මස පළමු දින, එනම් අද දින උදෑසන අටට යෙදී ඇති සුභ මුහුර්තයෙන්, සර්ව ආගමික නායක ආශිර්වාදය හමුවේ අප විදුහල්පති පියාණන් සුරතින්, කාල යන්ත්‍රය ක්‍රියාත්මක වනු ඇති."

මගේ හිත පිස්සු වට්ටගෙන හයාන්ගේ කටහඬ මුහුද පතුලෙන් නැගෙන සයිරන් නාදයක් වගේ Play Ground එක පුරා ගිගුම් දෙනකොට, අපේ ප්‍රින්සිපල් සර් පීඨිකාව උඩ තිබුණු ස්විච් එක On කළා. එතකොට ම මුළු පිට්ටනියට ම පේන්න අපේ Pavilion එකේ වහලේ හයි කරලා තිබුණු කාල වර්ණ සද්දන්ත LED Clock එකේ CountDown එක ටික් ගාලා on වෙලා විදුලි වේගෙන් දුවන්න පටන් ගත්තේ අපේ හද ගැස්ම බුලට් Train එකත් පාස් කරලා නගිනකොට.

678 hrs 00 min 00 sec

"එසේ නම්, ඇපලෝ, පොසෙයිඩන්, ඒරීස් සහ හර්මීස් සිවු නිවාසයන් පෙරටු කරගනිමින් මෙලෙසින් ඇරඹෙන්නේ, එදා ග්‍රීකවරුන්ගෙන් ඇරඹි ක්‍රීඩා වංශකතාවේ සයිඩස්වරුන්ගේ සංරචනය, 

" Sidus Sports Month 2024"

සයිඩස් කොලේජ් එකේ Sports Meet එකක් නෙවෙයි, Sports Month එකක් තියෙන්නේ. පෙබරවාරි පලවෙනිදා CountDown එක පටන් ගත්තාම , ඒ මාසෙ ඇතුලේ බිග් මැච්, අනිත් sports events ඔක්කොම කරලා ඉවර කරනවා. මාසේ අන්තිම දවසට හවස Sportsmeet එක තියලා රෑට Musical එකකුත් තියලා තමා Sidus Sports Month එක අහවර වෙන්නේ. තව හරියට ම පැය 678 ක් තියනවා.

දැන් තමා ඉතින් මුළු ඉස්කෝලෙ ම ඇවිස්සුණු මී වදේ වගේ උදේ රෑ නැතුව වැඩ කරන්නේ.... එහෙන් sports teams ප්‍රැක්ටිස් වෙනවා. එහෙන් Bands ඩොක ඩොක ගානවා. මෙහෙන් කැඩට්ලා ගිරිය පුප්පගෙන අඬහැර පානවා. තැනක දොලහේ මොකකටවත් නැති උන් ටික ලෙෆ්ට් රයිට් ගගා වැනි වැනී මාර්ච් යනවා. ආයෙම තවතැනක හයේ හතේ ඇච්චො බැච්චො සරඹ එකට නහිනවා. ඇයි, මීඩියා එකේ රොත්ත බුරුත්ත, උනුත් කොළ අරගෙන එහාට මෙහාට දුවනවා. එතන එක විජ්ජුම්බරයක්...

හැමෝම පෝලිමට පිට්ටනියෙන් එලියට යනකොට මගේ උරහිස ට තට්ටුවක් වැටුණා.

"හ..හයාන්...!"

"මාත් එක්ක එන්ඩකො..."

හරි ම ෂෝක්... ආවා... කිව්වා...හැරුණා...ගියා.... ගුඩ් මෝර්නින්ග්වත් කිව්වේ නෑ. මුගේ අණ පිළිපදින්න මූ මගේ සීනි අප්පා කියලා හිතුව ද දන්නේ නෑ... ඇයි අප්පා, මොනා උනත් කමක් නෑ, මටනෙ එන්ඩ කිව්වේ... පිශ්ශු සුදු කැරපොත්තා...!

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now