දාහත් වන දිගහැරුම

349 54 38
                                    

"අඩුම තරමේ.... එයා ඉන්න තැනවත් මට කියන්න."

ඒ සිහින් දිගු ඇඟිලි අතරට තද කර අල්ලා ගත් කාල වර්ණ සිහින් කගපත නිතර දෙවේලේ දක්නට නොලැබෙන ආකාරයේ දුර්ලභ තලයකට හිමිකම් කියන්නක්. එක් අතකින් කඩුවත් දරාගෙන, කළු රෙදි කඩකින් සම්පූර්ණයෙන්ම ආවරණය කර ගත් මුහුණින්, ජනේලය අසබඩ සෘජුව හිටගෙන ඉන්න ඔහුගේ ආරෝහපරිනාහ දේහය කළු බළලෙක් ආකාරයෙන් රාත්‍රියේ ඝනාන්ධකාරයට ම අනුවර්තනය වී පිළිමයක් සේ නිසලව තිබූවත් උඩට කර බඳින ලද කෙස් වැටියේ වූ තද කළු පැහැ පටිය සුළඟේ ලෙලදුන්නේ ඒ පුරුෂ ශරීරයට අමුතු ම ලාලිත්‍යක් එක් කරමින්.

"......."

"මගේ දණහිස්වල වැටිලා අයදින්න ද?"

"එපා!"

"මට එයා ඉන්න තැන විතරයි දැන ගන්න ඕනේ..."

දිග හුස්මක් හෙලා ඇස් කොනින් මගේ සයනය වෙත බැල්මක් හෙලූ ඔහු නැවතත් තම කටහඬ අවදි කළා.

"හෙන්දිරික්කා මල් පිපෙන දිශාවට එක මලක් නැති මලෙන් අඩු නැති ගසක් හමුවන තුරු ගිය විට හමු වන ස්වභාවික රන් බීජ ගබඩාවක් ලඟින් අහසට හිස ඔසවන්න........................"

ඒත් එක්කම මාව ඇහැරුනේ ඇඳෙන් වාටෙන්න ගිහින් යාන්තමට එක අතක් බිම ගහලා බේරෙනකොට. ඊයේ රෑ ඩයරිය ලියන ගමන් ම ඔහේ නින්ද ගිහින්. 

මම අතින් රෝල් වෙලා ගිහින් ඇඳේ කකුලක් ලඟ නතර වෙලා තිබුණු පෑනත් අරගෙන ඉක්මනට ම අතට අහුවුණු කොලේක මට මතක හැම වචනයක් වචනයක් ගානේ කුරුටු ගා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම අතින් රෝල් වෙලා ගිහින් ඇඳේ කකුලක් ලඟ නතර වෙලා තිබුණු පෑනත් අරගෙන ඉක්මනට ම අතට අහුවුණු කොලේක මට මතක හැම වචනයක් වචනයක් ගානේ කුරුටු ගා ගත්තා.

මොකද්ද මේ ප්‍රහේලිකාව...

"හෙන්දිරික්කා මල් පිපෙන දිශාව?"

අපේ ගෙදර වත්තේ මේ තරං මල් තිබුණත් නැති එකම මල ම මොකද මේ හීනෙන් පෙනුණේ...? හෙන්දිරික්කා මල් පැලයක්වත් නැත්තං මං හෙන්දිරික්කා මල් පිපෙන දිශාව කොහෙන් හොයන්නද?

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now