දහ නවවන දිගහැරුම

370 57 49
                                    

Mihith's POV

WhiteHealAll:

"නිසා එක අමාවක රැයක්,

එපා බලාපොරොත්තුවට දෙන්න මියැදෙන්න,

ආයෙමත් ඉර පායනවා සත්තයි,

ඩේලියා මලක් වගේ හිනැහෙන්න..."

මම මගේ වට්පෑඩ් එකේ කතා ලියන්නේ මගේ මූඩ් එකට අනුව කියලා මං කලින් කියලා තියනවනේ. ඉතිං මගේ කතාවක් කල්පනාවෙන් කියවනවා නං ඔයාට මං ඒක ලියපු දවසේ මොන වගේ හැඟීම් එක්ක ද ජීවත් වුණේ කියලා හිතා ගන්න පුළුවන්. ඉතිං WhiteHealAll හැමදාම මගේ කතාවල මං නොකියා කියන හැඟීම් හරහා මගේ හදවත සූක්ෂම ව කියවලා මට ලියන මේ පිළිතුරු නිසඳැස් මට පුදුමාකාර මානසික ප්‍රතිකාරයක්.... තෙරපි එකක්...

අද කාලෙකට පස්සේ මට ඩේලියා මලක් වගේ හිනාවෙන්න පුළුවන් දවසක්. ඊයේ මේ තාක් මගේ පපුවේ කැකෑරුණු හැම ප්‍රශ්නෙකට ම උත්තර මට ලැබුණා. කාලෙකට පස්සේ මට ඊයේ හොඳට ම නින්ද ගියා.

ඇඳේ ම පැත්තකට හැරිලා මම ඇස් ගෙඩි දෙකත් පොඩි කරකර ෆෝන් එක අතට ගත්තා. ඊයේ රෑ මම වට්ස් ඇප් කෝල් එකක් අරන් අපේ නුවර ලොකු ළූණු වැවිලිකරුවන්Gay සංගමේ වගාකරුවෝ සෙට් එකට ම හයාන් ගේ ඉතිහාස කතාවම අකුරක් නෑර පැහැදිලි කරලා දුන්නා. මට හයාන්ව සුද්ධ කරන්න ඕනේ නෑ, ඒත් අපි හැමෝටම වගේ හයාන්ටත් හයාන් ම විතරක් දන්න ලොකු කතාවක් තියනවා. මං කතා කරන්නේ අන්න ඒ වෙනුවෙන්. රයන් නං කෝල් එක පුරාවටම කතා කළේ වචනයයි දෙකයි. අපි කවුරුවත්ම ඌට හයාන් එක්ක යාළුවෙන්න කියලා බලපෑම් කළේවත්,තරහ වෙන්න කියලා ෆෝම් කළේවත් නැහැ. සමහර ප්‍රශ්න විසඳන්න පුළුවන් හොඳම ජූරිය කාලයම විතරයි.

අද මම මීඩියා එකේ ඔක්කොටම ටිකක් කලින් එන්න කිව්වා. හරියට ම උදේ හයයි හතලිස් පහ වෙද්දි මම මීඩියා යුනිට් එකට ආවේ සීතලට ගල් වෙලා තිබුණු අත් දෙකත් තදින් එකට අතුල්ල අතුල්ල.

"හලෝ මචං, ශුභ උදෑෂනක් මාත්තියා..." මෙවන් මගේ පිටටත් දබෝස් ගාලා පාරක් අතෑරලා කිව්වා.

"වෙරි ගුඩ් මෝනින් එව්රිවන්..."

"අද මොකක් හරි වෙනසක් තියනවා....ම්ම්ම්ම්.... සම්තින් සම්තින් සම්තින්..."

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now