එකොලොස් වන දිගහැරුම

405 55 36
                                    

"අඩෝ අර මැරතන් එකේ වීඩියෝ එක සීයයි කේ (100k) ගහලා බං"

ශාක්‍ය, ඒ කියන්නේ දැන් ඉන්න photography Section එකේ හෙඩා ලැප්ටොප් එකත් දිග ඇරගෙන statistics චෙක් කරන ගමං කෑගැහුවා.

අපි මේ අවුරුද්දේ sports month එකටත් එක්කම පටන් ගත්තා අලුත් ටික්ටොක් account එකක්, "Sidus Sports" කියලා. ඒක මීඩියා එකයි ඉස්කෝලෙ sports unit එකයි එකතු වෙලා අපේ sports coach කෙනෙක් විදිහට ඉන්න පරාක්‍රම සර්ගේ අදහසකට අනුව තමයි පටන් ගත්තේ. අපිට කැමරා, drones වගේ equipments බඩු කෑලි ඔක්කොම තියන නිසා අපි ඔය වැඩේ පටන් ගත්තේ අපේ පාසලේ තියන පහසුකම්, කරන extra වැඩ ගැන සමාජය දැනුවත් කරන්න ඒක හොඳ අවස්ථාවක් නිසා. ඉතිං PAS එකේ, ඒ කියන්නේ Photographic Art Society එකේ කොල්ලෝ ඔක්කොම කට්ට අව්වේ ඇස් කඩා ගෙන උඩ බලාගෙන Drones යව යව, කැමරා අරන් හතර වටේම දුව දුව කරපු කැපකිරීමේ, Editing කරන කොල්ලෝ පාන්දර වෙනකම් PC ගිනි ගන්න තරම් රත් උනත් නවතින්නේ නැතුව video edit කරපු මහන්සියේ වගේම Announcing කරන උනුත් කියන කියන වෙලාවට රෑ දොලහට උනත් Online ඉඳලා ගැම්මට Voice Overs කරලා එවපු නිසා තමයි අපිට සතියක් වගේ කාලයක් ඇතුළත Videos 20 ක් විතර release කරලා සමාජ මාධ්‍යයේ පෙරලියක් කරන්න පුළුවන් උණේ.

"අඩේ සිරාවට.... ඒ මට හෙන හැපි බං" මාත් ලැප් එකට එබී ගෙනම කිව්වා.

"කෝ හයානයා... ඌ මගෙන් දවස ගානේ අහනවා රෑට මැසේජ් දදා මචං දැන් likes කීයද? දැන් views කීය ද ගගා..."

"හයාන් ගියා මං හිතන්නේ අද තියන නිව්ස් මොනවද අහන් එන්න."

"ආහ්, මචං උඹ මැරෙන්නෙ නෑ..."

කියලා කටගන්නකොට ම දොර ඇරන් හයාන්, මිහිරාව් ඇතුළු රැලම එනකොට ශාක්‍ය කිව්වේ හිනා වෙවී.

"ඔන්න උඹේ සුදු නෝනා ලොකු ළමේක් වෙලා." ශාක්‍ය පුටුවෙන් නැගිටින්නත් කලින් මගේ ඇගේ ඇතිල්ලීගෙන වගේ ඇවිත් පුටුවට බෑවුණේ හයාන්.... මවුස් එකේ රෝදේ තනි ඇඟිල්ලෙන් කරකෝ කරකෝ, එක අතකින් හෙමීට නිකට අතගාන ගමන් එක එල්ලේ ලැප්ටොප් එක දිහා බලාගෙන ඉන්න හයාන්ගේ මූණේ පැත්තකින් ලස්සනට කොණ්ඩේ පැත්තට වැටිලා තිබ්බා. රැලිත් නැති, straight වෙලත් නැති ඒ කෙහෙ රැල්ල සිනිදුවට ඇස් වහගෙන මූණ හරහා තැන්පත් උනේ හරියට sunsilk ad එකක වගේ.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now