ඉස්කෝලෙකට ඇතුල් උණා කිව්වට මෙච්චර කාලයක් කළේ ඉස්කෝලෙ වැඩ නෙවෙයි නේ. ඉතිං අද තමයි ඉස්කෝලෙ ළමයෙක් විදිහට ඉස්ඉස්සෙල්ලම යුනිෆෝම් එකක් ඇඳලා, කරට බෑග් එකක් දාගෙන ගිහිල්ලා, නිල වශයෙන් පුටු රත් කරන්න පටන් ගන්නේ.
අද උදේ පාන්දරින් ම නැගිට්ටේ ඊයේ සඳුන් අන්කල්ට කියලා ගෙන්න ගත්තු Face Mask එක දාගන්න. දැන් ඉතිං මගේ කාන්තාර හදවතෙත් පුංචි ආදර මලක් පිපීගෙන එනවා. ක්‍රෂ් එකට පේන්ඩ ලස්සනට යම්නත් ඕනෙනේ....
පහුගිය දවස් ටිකේම මගේ මනස අපායක් වගේ. මට දැනුණේ මං මාත් එක්ක ම මහා යුද්ධයක් කරනවා වගේ. මගේ හදවතට දැනුණු හැඟීම් පිලිගන්න තරම් මට සූදානමක් තිබුණේ නැහැ. ආදරය, බලාපොරොත්තුව, නිදහස, කෙලිලොල් හැඟීම් කියන්නේ මගේ හදවතට තවදුරටත් සුදුසු දේවල් නෙවෙයි කියලා බැහැර කරලා හදවත බිල්ලට දීලා ඔහේ අනන්තයේ පාවිපාවී වගේ ජීවත් උණු මට ඇඟට දැනෙන්න හුස්ම ගන්න පුළුවන් උනේ එයා හම්බුණාට පස්සේ.
ඒත් ඊයේ රෑ වෙනකම්ම මගේ මුරණ්ඩු හිත ඒක පිලිගත්තේ නෑ.
එක පපුවක් ඇතුලේ හිත් දෙකකට හුස්ම ගන්න බෑ. ඉතිං මං, මගේ හැඟීම්වලට ගල්ලෙන බිඳලා වඩින්න ඉඩ දුන්නා.
අපි අපේ හදවතට එකඟව වැඩ කරනකොට දැනෙන නිදහස වෙන කිසිම දේකට දෙන්න බෑ. ආදරේ කියලා හිත පුරව ගන්න එයා තනිකර මගේම වෙන්න ඕන ද? හයාන් මගේ උනත් නැතත්, මං හයාන්ට ආදරෙයි!
ඔව්, මං හයාන්ට ආදරෙයි....
මිහිත් හයාන්ට ආදරෙයි...
මං වටයක් කැරකිලා ඇඳට පැන්නේ හිත පිම්බුණු සතුට වැඩිකමට.
ඔය face mask මූණේ අලෝගත්තාම දතකට හොල්ලන්ඩ බෑනේ. මං ඉතිං ඉන්ස්ටර්ග්‍රෑම් හොල්මනක් වගේ ඇඳ උඩට ම වෙලා WhatsApp මැසේජස් බැලුවා. ඔය අතරේ තිබුණු මං සේව් කරලා තිබුණේ නැති අලුත් නම්බරේකින් ආපු මැසේජ් එක මං සීන් කළේ ඒ කවුද බලන්න.
Hey son, I am Mr. Ramanayake, the officially appointed investigator of your dad's case. Nice to meet you here! But I wanna talk to you in person, so hopefully you will be available this Monday Night.
ඕහ්.... මිස්ටර් රාමනායක...! රජය ගැන ලොකු බලාපොරොත්තුවක් තියා ගන්න බැරි නිසා සහ වැඩේ ඉක්මනට වෙන්න ඕනේ නිසා අම්මා ප්‍රයිවට් රහස් පරීක්ෂක කම්පැනි එකකටත් කේස් එක භාර දුන්නා. ඒකෙන් අපේ තාත්තාගේ කේස් එකට පත් කරපු කෙනා තමයි මිස්ටර් රාමනායක කියන්නේ. ඒත්, ඇයි එයාට මාව හම්බවෙන්න ඕනේ...? ඕන එකක් වෙන්න කියලා අද රෑට අපේ ගෙදර දි meet වෙමු කියලා මැසේජ් එකක් දාලා මං ගියා ඇඳුම් මාරුකර ගන්න.
YOU ARE READING
අසීමාන්තික | | "UNCONDITIONALLY"
Fantasy"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbo...