"ටක්... ටක්... ටක්....."
පසු දා උදෑසන හතරේ කණිසම වදිනවාත් සමඟම තියෝ ගේ නිදි දැහැන බිඳී ගියේ කිසිවෙකුත් ඔහුගේ දොරට තට්ටු කරන හඬිනි. මින් පෙර රිජ්ෆීල්ඩ් මන්දිරයේ පැවති නීතිය නම් කිසිවෙකුත් කිසි විටක, කිසිම හේතුවක් නිසාවෙන් තියෝ ව අවදි නොකළ යුතු බවත් ඔහු ස්වකැමැත්තෙන් අලුයම අවදි නොවූ දිනයක් වේ නම් ඔහු ව අවදි කිරීමට කිසිවෙකු උත්සාහ නොකළ යුතු බවත් ය. ඉඳහිට හෝ මෙම නීතිය අතික්‍රමණයට ඉඩ ලද්දේ මේකලා හෝ සපුමල් බණ්ඩාර පමණි.
එබැවින් අද දින උදෑසන තම මන්දිරය තුළ සිදු වූ මේ වෙනස ගෙන ආවේ තියෝගේ බල නහර පුපුරුවා ලන තරම් කෝපයකි.
"ටක්.... ටක්..... ටක්......"
"කවුරුන්ද ඔබ...? වහාම පිටව යනු.... රිජ්ෆීල්ඩ් සාමිගේ නින්දට බාධා පමුණුවන්නට තරම් නිර්භීත උනා ද?"
"ටක්..... ටක්.....ටක්.....ටක්....."
"සේවයෙන් නෙරපනවා මා ඔබව..... යනු වහාම.... පිටව යනු..."
"ටක්... ටක්.... ටක්.... ටක්.... ටක්...."
"බීරෙක් ද උඹ.... එක පාරක් කිව්වා ම මට නිදා ගන්ඩ දී හැඳිගෑවිලා යනු...."
ඊලඟ තත්පරයේ දී තියෝ ගේ යහන් ගබඩාවේ ද්වාරය මහ හඬින් දෙපලු වූයේ වෙන කිසිවෙකුගේ නොව ඔහුගේ පා පහරකටයි.... තියෝ ගේ කුටියට කඩා වැදුනේ ශ්වේත වර්ණ කිමෝනෝවකින් සැදුම්ලත් ඉචිරෝ ය.
"ඔ... ඔබ....?!?!?"
ක්ෂණයෙන් ඉද්ද ගැසුවාක් මෙන් සයනය මත ඉඳ ගත් තියෝ ගේ නිරුවත් පපුව දුටු ඉචිරෝගේ උගුර හරහා ඛේට ගුලියක්ම ගලා බැස ගිය ද ඔහු නොවේ සිට තැනින් අඟලක්වත් සෙලවූයේ.
"පුහුණුවට ඉතා ප්‍රමාදයි."
"ආහ්..... මේ තරම් උදෙන්....??? බලන්න.... මිත්‍රයා.... බලන්න අහස දිහා... තාම හිරු වත් අවදි වී නැහැ... ඇයි මේ තරම් උදේ...?"
"පුහුණුවට ඉතා ප්‍රමාදයි."
ඉචිරෝ නැවතත් ඉතා මන්දගාමීව සෑම වචනයකට ම බර තබමින් පෙර වාක්‍ය ම පැවසූයේ ඍජුවම තියෝ ගේ දෑස මත පමණක් තම දෑස රඳවා ගැනීමට වෙර දරමිනි.
"මා එන්නම්.... ඔබ යන්න..."
තියෝ නැවතත් කොට්ටය මතට කඩා හැලෙමින් පැවසීය.
YOU ARE READING
අසීමාන්තික | | "UNCONDITIONALLY"
Fantasy"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbo...