හතලිස් හත් වන දිගහැරුම

185 27 61
                                    

"ඕයි භල්ලෝ.... දොර ඇරපං...."

"මිහිත්.... ඇරපං යකෝ දොර...."

"ඕයී..... තෝ බුදිද?"

එකපාරටම මම අඩි හය හතක් උඩින් පස්ස සිවිලිමේ වැදිලා පුඩිං වෙලා බිම වැටුණේ පාන්දරින්ම දොරට වල් අලි ගහනවා වගේ ඇහුණු නිසා. ඊයේ රෑ..... රෑ කිව්වට අද පාන්දර හතර විතර වෙනකං කියෝ කියෝ හිටපු පොතත් එහෙම්මම ඇඳ ලඟ බිම වැටිලා.

මැණිකට මොකද උණේ...?

කෝ ඉචිරෝ...?

ම... මම මේ ඉන්නේ රිජ්ෆීල්ඩ් මාලිගාවේ නෙවේ ද?

ක්.... කෝ මැණික්...?

සිද්ධ වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්ඩ, මම මේ ජීවත් වෙන්නේ මොන ටයිම් එකේ ද කියලා තේරුම් ගන්ඩ නිදි මරගාතේ ගුලි කාලා වගේ වැනි වැනී හිටපු මට ටිකක් වෙලා ගියා.

"යකෝ තෝ දොර වහන් වැල බලනවා නේද? බටු ඇටයා.... ඕයි... චන්ද්‍රකුමාර දොර දොර දොර ඇරපං...."

ඒ අස්සේ අරුන් තාම දොරට දාගෙන නෙලනවා. හොඳ වෙලාවට අම්මලා ගෙදර නෑ..... නැත්තං ශුවර් එකටම මෙලාකටත් වන ජීවී එකට කතා කොරලා....

මම දඩ දඩ ගාලා නැගිටලා පොත හැන්ගුවා අර හැම ගෙදරක ම අල්මාරියේ කවදාවත්ම අරින්නේ නැති කෑල්ලක් තියෙන්නේ... අන්න ඒක අස්සේ.

මම දොර ඇරියා විතරයි ලොකු ලූණු සංගමේ මැති ඇමතිවරු රොත්තම නිකං ගාල කඩා ගත්ත හරක් රැල වගේ මාවත් පෙරල ගෙන ඇතුල්ට ආවේ හරියට මේක උන්ගේ බූදලේ වගේ... හුහ්....

රයන්, ඒඩන් ඩබලම ආව ගමන් මගේ ඇඳ උඩට පැන ගත්තේ රවිඳුවත් ගිහින් ඇඳටම වැටිලා ඉවාන්ව ඔඩොක්කුවට ගන්න කොට. මිහිරාව් මගේ මූණ දිහා බලාගෙන හැමදේම දන්න හොර බළල් හිනාවක් දැම්මම මාත් ඌ දිහා බලාගෙන හොර හිනාවක් දෙන්ඩ යද්දි ම ආවේ නැතෑ එක්කෙනෙක් නිකං හුළං පාරක් වගේ.

ඇතුල්ට ආව ගමන් ම වටේම තිබ්බ පොල් ගස්වල ඇට්ටි හැලෙන්ඩ දඩාස් ගාලා දොර වහලා දාලා මගේ වැලමිටෙන් අල්ල ගත්තේ අරුන් ඔක්කොමත් පැණි හලාගෙන බලන් ඉන්නෙද්දි.

"ඇයි මිහිත් මෙච්චර දෙයක් වෙලත් මට කිව්වේ නැත්තේ...?"

මො...මොකද්ද? ආහ්.... මතක් උණා.... බඩු බනිස්!

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now