තිස් නවවන දිගහැරුම

253 41 26
                                    

"අපි පාවෙන ලෝකේ...

ඇවිදින චාරිකාවේ....

දවසක පාවේදෝ අහසේ...

ස්පොන්සර්ශිප් හොයන්න යන ගමනේ..."

සිංදුවකුත් කියාගෙන අපි වැව රවුම දිගේ ඇවිදගෙන ආවේ Queens එක ලඟදි පාර පනින්න. අද තමයි අපේ මීඩියා ඩේ එකට ස්පොන්සර්ශිප්ස් එකතු කරන්න නුවර වටේ ඇවිදින දවස. මීඩියා ඩේ විතරක් නෙවෙයි ඕනෙම ඩේ එකක තියන ආතල් ම පාට් එක තමයි උදේ හිටන් ගිනි අව්වේ Long Sleeve ගහගෙන ෆයිල් උස්සගෙන රට වටේ ඇවිද ඇවිද සල්ලි හොයන්න යන එක. අපි සෙට් එක ටීම්ස් දෙකකට බෙදිලා යන්න හිතුවේ එතකොට ඉක්මන් නිසා. එකක් මීඩියා යුනිට් එකේ ප්‍රසිඩන්ට් හයාන් එක්ක, අනිත් ටීම් එක වයිස් ප්‍රසිඩන්ට් මෙවන් එක්ක තමයි යන්න හිතුවේ.

"හරි, එහෙමනං මගේ ටීම් එකේ ඉන්නේ විසල්ක, සුනෙත් මල්ලි, මිහිත් එක්ක මිහිරාව්. මෙවන් ගේ ටීම් එකේ ඒඩන්, ශාක්‍ය, උවිඳු මල්ලි එක්ක දුලින. හරිනේ සෙට් එක."

"සුනෙත් මල්ලි.... අපි පොඩි චේන්ජ් පාරක් දාමු..." එකපාරටම ඒඩන් අහද්දි මෙවන් ඌ දිහා බැලුවේ ඇහි බැමි රැලි කරගෙන.

"ඇයි උඹට මාව කහනවා කහනවා වගේද?"

"නෑ නෑ බං අපෝ පිස්සුද... මට මේ ලොකු සද්දන්ත කුලේ උවමනාවක් තියෙනවා සමුද්‍රා බුක්ෂොප් එකට යන්න. හයාන්ලා යන පාරෙන් ඒක කවර් වෙනවනේ ඒකයි ඇහුවේ.."

"ආහ්... ඒක කලින් කියන්ඩ එපැයි. එහෙනං මාරුවක් දාගමු" හයාන් ඒඩන්වත් අපේ ටීම් එකට ගත්තාම ඌත් උඩ පැනගෙන ඇවිත් අපි වටේ මයිකල් ජැක්සන් වගේ මූන් වෝක් පාරකුත් දාලා මායි මිහිරාව් දෙපැත්තට කරලා මැද්දෙන් හිට ගත්තේ අපි දෙන්නගෙම කරට අත් දෙක දාගෙන.

පැය ගානක් ඇවිදලා කොහොමහරි අපිට පැය දෙකක් වගේ ඇතුලත තිස් පහක් හතලිහක් විතර කඩා ගන්න පුළුවන් උණා. සමහරු එවෙලේම අතට සල්ලි දුන්නා, අපිව ඒ තරං විශ්වාස කරන්ඩ බැරි මහත්තුරු ඉස්කෝලේ එකවුන්ට් එක ඉල්ල ගෙන ඒකට දාන්නං කිව්වා.

"අඩෝ හිඟා කෑමත් නරකම නෑ නේද බං?"

හයාන්ගේ සල්ලි ටික ගැන්නට පස්සේ ඒඩන් කිව්වා.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now