දහ අට වන දිගහැරුම

345 55 47
                                    

Hayan's POV :

හැන්දෑවට බයික් එකේ යන එකට තමයි මම ආසම. සීතල හුළඟට මගේ කන් අඟුල් වැටෙද්දි හතලිහ, හැට, අසූව, සීය විතර වෙනකල් ස්කූටරේ රේස් කරලා විදලා යන්නේ පාළු පාරේ දුවන කුලප්පු උනු අශ්වයෙක් වගේ.

දවස ම ඇතෙක් බරට තෙරපගෙන හිර කරන් ඉන්න හැම කරදරයක් ම මගේ හිතෙන් ඈතට පාකරලා දාලා කුරුල්ලෙක් වගේ ඉගිලෙන්න මං හරි ආසයි.

ගානට ගේ ලඟදි slow කරලා ගේට්ටුවත් පන්නගෙන ඇතුල්ට එනකොට තමයි මං දැක්කේ අපේ වත්තේ ගහලා තිබ්බ මරු බඩුව. හම්මට අම්මට දැන් මාර High class Clients ලානේ එන්නේ... තද කළු පාට  මර්සෙයිඩීස් එකක්...!

කෙලින්ම ස්කූටරේ අපේ වැරැන්ඩා එකට ම දාලා මං බිමට බැස්සේ අපේ සූකිරි සීයත් එක්ක කතා කරකර හිටපු තවත් වයසක මනුස්සයෙක් එක්ක හිනා වෙලා. දෙන්නා ගොඩ කාලෙක ඉඳල අඳුරනව වගේ.

මං යතුරත් කරකෝ කරකෝ ආප්ප සිලියත් වනවන ම ගෙට එබුනේ ගේ ඇතුලේ කතා කරන කටහඬවල් කීපයක් ම ඇහුණු නිසා. අද කවුරුත් එනවා කියල මට කවුරුවත් ම කිව්වේ නෑ.

කවුද මේ අනාරාධිත අමුත්තා...?

ඒ අමුත්තා...

ඒ අමුත්තා...

වෙන්ඩ බෑ...

එයාව දැක්ක ගමන් මගේ ඇස් නළලේ මස් පිඬු තල්ලු කරගෙන කොණ්ඩේ වදින තරමට ම උඩට යනවා මට දැනුණා. උඩට අරන් තිබුණු හුස්ම පොදත් මගේ බඩ කොඳු ඇට පෙලට ඇලෙන ගානට ම අකුලගෙන පිට වෙලා ගියේ මගේ පපුව මොහොතකට නතර වෙද්දි.

"මිහිත්!?!?!?!?!"

"ආහ්.. ඔන්න එනවා ලොකු මහත්තය. මේන් බලන්ඩ කවුද ඇවිල්ල තියෙන්නේ කියලා." අපේ අම්මා මිහිත්ට තැඹිලි පාට සීතල බීම වීදුරුවක් අල්ලන ගමන් කිව්වා.

බලන්න දෙයක් නෑ. මට පේනවා කවුද කියලා... මේ මිනිහා මගේ නැට්ට වගේ අහවල් රෙද්දක් කරනවද මන්දා මේ ගේ අස්සේ.

මං මොනවා අහන්ඩද මොනවා නොඅහා ඉන්ඩ ද හිත හිත ඉන්නකොට මටත් කලින් මගේ කට කතා කරා.

"ආහ්... මිහිත්... කොහොමද ගේ හොයාගත්තේ...?"

"මේ සුවඳින්නේ මහත්තයෝ..." ගත් කටටම මූ බීම බොන ගමන් ම ලඟ තිබ්බ බුදු පහනේ ගහපු හඳුන්කූරු දෙක වීදුරුවෙන් පෙන්නලා කියපි.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now