අර්ධ ශතක පූර්ණ දිගහැරුම

198 23 13
                                    

කෑලි කැපිය හැකි අහීමාන ඝනාන්ධකාරයේ තියෝ හුදෙක් විශ්වාස කළේ මහ පොළොව පමණි.

එහෙත් ඒ මහ පොළොව ද දැන් ඔහුගේ හදවත යක්ෂයා වෙත පාවා දී ඇත!

දිගින් දිගට ම පිටුපසට ම ගිය තියෝ නින්ජා ගේ තවත් පහරක් වලකමින් අඩියක් පසුපසට තැබූවා පමණි......

එහෙත් ඔහුට අඩිය තැබීමට එහි තව දුරටත් මහපොළොවක් ඉතිරි වී නොතිබිණ.....

ඒ වෙනුවට එහි වූයේ නිරය බලා දිවෙනා මහා පාතාලයකි..... විහාරස්ථානයේ කොනක වූ වල් බිහි වූ අත්හැර දැමූ ළිඳකි.

පහරින් පහර මදින් මද පසුපසට ගිය තියෝ දැන් දැන් ඔහුගේ ජීවන ගමනේ අවසාන පියවර කරා ලඟා වී ඇත. පිටුපසින් තෙරක් නොපෙනෙන පාතාලයකින් ද, පෙරමුණෙන් රිදීවන් මාරාන්තික අසිපතකින් ද ඔහු ගේ ජීවිතයේ සමස්ත අගය ඇස්තමේන්තු ගතවන නිමේෂය උදා වී ඇත.

එකවරම පස් කණ්ඩියක් කඩාගෙන තියෝ ගේ පය ලිස්සා ගියෙන් හෙතෙම දෑස් පියා ගත්තේ දෛවය හා සටනින් ප්‍රතිඵලයක් නොමැති බව අවසන් වරටත් ස්මරණය කරමිනි.

තත්පරයක්.....

දෙකක්......

ඔහු දෑස් පියා දෑත් දෙපසට විදා බලා සිටිනුයේ ඔහු ගේ ශීර්ෂය රළු ළිං පත්ලේ ගැටී විසුණුව යන ඒ මොහොත උදා වන තුරුය.

තුනක්...

තත්පර හතරක්....

තමා මිය නොයනුයේ මන් ද? මරණය මේ තරම් ප්‍රමාද මන්ද? ළිං පත්ල තව දුරද?

එහෙත් ඔහු සිතූ ආකාරයේ ලේ වැගිරීමක් සිදු නොවුනි. තවමත් ඔහු හුස්ම ගනී.

තියෝ යාන්තමට තම දෙනෙත් විවර කොට බැලුවේ ය.

එවිට ඔහු දුටුවේ තනි අතකින් තියෝ ගේ කබායේ පපුවෙන් අල්ලා ගෙන සිටිනා නින්ජා ය!

තවත් අඟලක් එහා මෙහා වුවහොත් මරණය නියත ඒ මාරාන්තික ළිං කට අද්දර තියෝ රඳවා ගනිමින් ඔහු තියෝගේ පපුවෙන් තදින් මිරිකාගෙන අල්ලා සිටියේ ඒ මොහොතේ දී තියෝ ගේ ඉරණම නින්ජාගේ අත්ලෙහි ලියැවී ඇති විටයි. ඔහුගේ අත ලිහිල් වනුයේ කුමන නිමේෂයේ ද, එය තියෝඩෝර් ඇලෙක්සැන්ඩර් රිජ්ෆීල්ඩ් ගේ අවසන් සුසුම් පොද බවට පත් වනු ඇත.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now