අද තමයි මාර්තු මාසේ තුන්වෙනි සතියේ පලවෙනි දවස. ඒ කියන්නේ අපේ හෙස්පෙරා 24' මීඩියා Day Project එකේ පස් දින වැඩමුළු මාලාවේ පලවෙනි දවස තමයි අද. අද, ඒ කියන්නේ පලවෙනි ම දවසේ තියෙන්නේ හඬකැවීම් වැඩමුළුව.
පහුගිය සතිය පුරාම ඔන්ලයින් ගූගල් ෆෝම් එකක් අපි ලංකාව පුරා විසිරී පැතිරී ඉන්න දහස් ගානක් පාසල් මාධ්‍යවේදීන් අතරේ ශෙයා කරලා තමයි මේකට කට්ටිය එකතු කළේ. අපේ ඉස්කෝලෙ මේ වගේ workshops එහෙමත් නැත්නම් සම්මන්ත්‍රණවලට ම හදපු සම්මන්ත්‍රණ ශාලාවක් වෙනම තියනවා ඊඩිත් හෝල් කියලා. ඒකට පොල් පටෝලා ඔබන්න පුළුවන් උපරිම එක්දාස් දෙසීයක් වගේ. ඒත් ලංකාව පුරා Free Dubbing Work Shop එකක් කිව්වාම Register වෙන්න මේ ෆීල්ඩ් එකට ආස අය පෝලිං ගැහිලා එන්නේ දස දහස් ගණන්වලින්. ඒත් ඉතින් අපිට සීට්ස් තියෙන්නේ ලිමිටඩ් නම්බර් එකක් නිසා හැම ඉස්කෝලෙකම මීඩියා යුනිට්ස්වල President ලව කන්ටැක් කරගෙන එයාලා හරහා එක ඉස්කෝලෙකින් දහයක් වගේ ප්‍රමාණයක් තමයි ෆිල්ටර් කරලා ෆිල්ටර් කරලා ගන්න පුළුවන් උනේ.
අද උදේ පාන්දර හය වෙනකොට අපි ඔක්කොම යුනිට් එකට එකතු උණා. මම එනකොටත් ටෙක්නිකල් එකේ උන් ටික බෆල්, වයර් උස්සගෙන ගාටනවා ඊඩිත් හෝල් එක පැත්තට. පාන්දර පිට්ටනියේ තණකොල අග දිලිසෙන පිණි බිංදු වගේ කොල්ලොන්ගේ නළල්වලින් දාඩිය බිංදු වෑස්සුනේ මේ සීතලේ උනත් මුන් මොන කට්ටක් කනවද කියලා පැහැදිලි වෙද්දි.
යුනිට් එකේ පැත්තක මෙවන් බ්ලේසර්ස් වගේක බැජ් ගහනවා. තව තැනක ශාක්‍ය අද වැඩ බලන මල්ලිලට පාස් බෙදනවා. හයාන් නං ජනාධිපති පුටුවට වෙලා අංශක 180 ට ම කැරකි කැරකි බර කතාවක. මමත් ඉතින් හංගොල්ලෙක් වගේ හෙමීට හෙමීට එයාට කිට්ටු කළා.
"ආ.... හරි බං අපි ක්ලාස් එකක් දාලා තියන්නං."
"අපෝ ඕක මොකද්ද ඒයි. හරි හරි.... මං ඒක බලන්නංකෝ. හරේ හරේ.... පරිස්සමින් එන්ඩෝ...."
කෝල් එක තියලා එයා මගේ මූණ දිහාවත් බලන්නේ නැතුව මාව තනි අතින් ස්මූත්ලි පැත්තකට කළේ හරියට කර්ටන් එකක් තල්ලු කරනවා වගේ.
"හෙලෝ.... අනේ සර් මාව පේනවදෝ... මං අර එදා ඔයාගේ කෙලත් එක්ක වයින් බීපු එකා. මිහිත්... ඔයාගේ බෝයිපෙන්..."
YOU ARE READING
අසීමාන්තික | | "UNCONDITIONALLY"
Fantasy"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbo...