විසි පස් වන දිගහැරුම

351 51 48
                                    

අද උදේ අපි සෙට් එකම ඉස්කෝලෙ ගියේ කාලෙකට පස්සේ. අර ලබ්බේ සීයට අසූව නැති වෙයි කියලා ස්ටෙලා මැඩම්ගෙ සුමධුර ධර්ම දේශනයකට සවන් දීලා ඊට පස්සේ හයාන්ගේ වතගොත ගැන පෞද්ගලිකව කාව්‍යමය ධර්ම දේශනාවක් මැඩම්ට ඉදිරිපත් කරන්න උනේ අපිට. ඇත්ත සිද්ධිය හංගලා මැරකල්ලියක් සල්ලි ඉල්ලන්න හයාන් ව අල්ලගෙන ගිහින් කියලා පට්ට ම ක්ලීෂේ (clichè) ස්ටෝරියක් ගහලා තමයි අපි මැඩම්ව ශේප් කර ගත්තේ.

ළමයින්ගෙන් ගොඩක් දෙනෙක් එදා රෑ එහෙම කේස් එකක් වුණා කියලා දන්නේ නැති එක හොඳට ගියා. නැත්තං මේවාත් අර ගමරාල කපුටෝ හත් දෙනෙක් වමනේ කරා වගේ සයිඩස් කොලේජ් එකේ බිග්මැච් එක දවසේ සොම්බි ඇපොක්ලිප්ස් එකක් උණා කියලා තමයි කෙලවර වෙන්නේ.

එදා ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල මිහිරාව් එක්ක මමයි ඉවානුයි තුන් දෙනාම සීන් එකේ ආච්චිගෙන් අවසර අරන් රිජ්ෆීල්ඩ් මියුසියම් එකට රිංගගත්තේ ඒකෙ පාඩම් කරන්න ආස හිතෙනවා කියලා පට්ට බේගලයක් ඇද බාලා.

"ඒ මිහිතා මේහ්...."

රොබරෝසි ගහ පැත්තෙන් ඉවාන් හෙන හඬ තලද්දි මම මිහිරාව් එක්ක දුවන් ආවේ සර්පයෙක්වත් ඇවිත් ද බලන්න.

"ඇයි ඇයි?"

"අර.... රොබරෝසි මල් පිපිලා."

ඉවාන් රොබරෝසි ගහේ උඩ ම අත්තකට උඩ පැන පැන අත දික් කරනකොට මමත් ඇස් වලට උඩින් අත තියාගෙන ඔලුව උස්සලා බැලුවා. ඇත්ත නේන්නං. උඩම අතු රිකිල්ලක් අග පුංචිම පුංචි රෝස පාට මල් කිනිත්තක් හුලගට උඩ යට යනවා.

"තාම පෙබරවාරිනේ බං." ඉවාන් ඇහුවේ මිහිරාව්ගෙන්.

"ඒකනේ. රොබරෝසි මෙච්චර කලින් පිපෙන්නේ නෑනේ බං."

"අනේ දැන් උඹලට මේ වෙන ප්‍රශ්න නැතුවට ද ඔය ගහ අල්ලගෙන දඟලන්නේ. රෝසි නංගි සූට්ට්ක් කලින් බිග් ගර්ල් කෙනෙක් වෙලා. මං කොලඹ ඉඳන් ආවානේ. ඒකයි ඔය."

මම යතුරු කැරැල්ලත් අරන් පහලට දිව්වේ විසිල් එකකුත් ගහගෙන.

"වනචරයා"

මියුසියම් එක ඇතුලට ගිය තප්පරේ ඉඳන් මිහිරාව් කට හායි ගාලා ඇර ගත්තු ගමන්. ඌ ඉතිං හිස්ට්රි කප්පිත්තනේ... හැම බිත්තියකම ගහලා තියන පේන්ටින් එකෙන් පේන්ටින් එකට සප්‍රයිස් වෙවී මේකා ඒක අස්සේ බැලේ ඩාන්ස් එකක් දැම්මේ නැති ටික විතරයි. මම ඉවාන්ටයි මිහිරාව්ටයි දෙන්නට ම එදා දුම්බර ඇල්ලේ ගත්තු පොටෝ එකයි, රිජ්ෆීල්ඩ් ස්වාමි ඇඳපු චිත්‍රෙයි පෙන්නද්දි උන් දෙන්නගෙම ඇස් ගෙඩි ඔලු කට්ටත් එහා ගියේ අක්ෂි කුහරවලින් එලියට පැනලා.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now