තිස් පස් වන දිගහැරුම

267 36 32
                                    

අද මීඩියා පේපරේ ට නං අසූවක් හැත්තෑ පහක් වදින්ඩ ලියා ගන්න පුළුවන් උණා. හැමදාම මොකට නැතත් මීඩියාවලට නං වැඩිම ලකුණු ගන්නේ හයාන්. දවසක UN යන්නනේ බලාපොරොත්තුව, ඉතින් ඒ නිසා එයා මීඩියා සයිඩ් එකේ කිසිම දෙයක් අතාරින්නේ නෑ. ඇත්තටම ප්‍රැක්ටිකල් මීඩියා කියන එකයි, සබ්ජෙක්ට් එකට උගන්නන මීඩියයි අවංකවම අහසට පොළොව වගේ. ඔය ගොඩක් මාධ්‍යවේදීන් එහෙම මීඩියා සබ්ජෙක්ට් එක විවේචනය කරන්නේ ඒකයි. ඒ උනත් මීඩියා ඉගෙන ගත්තාම ඇත්තට ම වැඩ කරන්න ඍජුව නැතත් වක්‍රාකාර රුකුලක් තියනවා, නෑම කියන්නත් බෑ.

Literature පොත අතට ගත්තාමත් හිතෙන්නේ ම අර හයිනා ගැන. ඇයි එක පාරටම මිහිරාව් මේකට සම්බන්ධ උනේ...? මගේ ඇත්තම ට්වින් ෆ්ලේම් කවුද? ඇයි කීර්ති අන්කලුයි දීප්ති අන්කලුයි මාව දැකලා යකා ගැහුවා වගේ බය උනේ? ඇයි එයාලා මේ තරං අද්භූත විදියට මේ රිජ්ෆීල්ඩ් පුරාවෘත්තය හංගගෙන ඉන්නේ? එතකොට මැණික් වෙලඳාමකට ආව ජපන් සමුරායි කණ්ඩායම ඇත්තටම මොනවද කළේ ? ඒ මොන රෙද්දක් කරත් අවුරුදු සිය ගානට කලින් වෙච්ච දේවල් ඇයි දැන් ආපහු මතු වෙලා තියෙන්නේ ? සතියකින් විතර රාමනායක අන්කල්ගෙන කෝල් එකක් ආවෙත් නැත්තේ ඇයි දන්නේ නෑ? එදා නැන්දා ඉවාන් ගේ අම්මට ඇයි ඉස්සෝ ඉන්න පීසා එකක් ම අරන් ගියේ? එයා ඒක කරේ දැන ගෙනද නොදැනද? එදා අර ටැරොට් රීඩර් කිව්වා වගේ මාව මේ බැඳිලා තියෙන්නේ මොන වගේ දේකට ද? මම මගේ ආත්මයේ අනිත් අර්ධය හරියට ම හොයා ගන්නේ කොහොමද?

මං පොත කාමරය හරහා පියාඹලා ගිහින් දොරේ වැදිලා බිම වැටෙන්න විසි කළේ ඔලුව ඇතුලේ කැරකෙන මේ සුළි කුනාටු දරා ගන්න බැරුව... මම ඇඳ උඩට පැනලා මෙට්ටෙට මූණ ඔබාගෙන කොට්ටෙන් මූණ වහගත්තා. ඊට පස්සේ එහෙම්ම මූණ හරවගෙන මගේ බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තියලා තිබුණු පුංචි පොටෝ එක අතට ගත්තා. ඒක මීට අවුරුද්දු දෙකකට විතර කලින් ඉස්කෝලේ ඉංග්‍රීසි දිනය දවසේ තාත්තව තුරුල් කරන් ගත්ත පොටෝ එකක්. මම පොටෝ එකත් පපුවට තද කරන් වහලා දාලා තිබුණු මගේ ඩයරිය අතට ගත්තා. දැන් නං මම ටික ටික සිංහල සිංදු අහනවා. ටික ටික කියනවටත් වඩා දැන් මං වැඩිපුරම අහන්නේ සිංහල සිංදුමයි. මේ පහුගිය මාස තුන ඇතුලේ මං මොනතරං නං වෙනස් මනුස්සයෙක් වෙලා ද?

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now