දහ තුන් වන දිගහැරුම

384 55 25
                                    

"ඇයි..? ඇයි අපිට පටන් ගන්න කලින්ම මේක ඉවර කරන්ඩ වෙන්නේ..?"

"ඒ අපේ දෛවය."

"ඒත් ඒක අපේ දෛවය නං, අපි වෙන්වෙලා කොහොමද?"

"දෛවය කියන්නේ දෙවියන්ගේ කැමැත්ත. සමහරවෙලාවට අපේ ජීවිතවල අපිට අපි වෙනුවෙන් තියන සැලසුමයි දෙවියන්ට අපි වෙනුවෙන් තියන සැලසුමයි ඝට්ටනය වෙනවා. ඒ කම්පනයෙන් සසල නොවී ඉන්න තියන එකම මග අපේ හිත් ගල් කරගන්න එක විතරයි."

"නෑ. මං විරුද්ධයි ඒකට. ගලකට උනත් දරා ගන්න පුළුවන් සීමාවක් තියනවා. තනිකඩ ගලක් විදිහට තනියම දූවිලි වෙනවට වඩා මම ප්‍රචණ්ඩ සුනාමියක් වෙලා ගඟත් එක්ක එකතු වෙන්න කැමතියි."

ඒත් එක්කම මම ගැස්සිලා ඇස් ඇරියා. අතේ හුරුවට අතපත ගාලා යන්තම් ටේබල් ලෑම්ප් එක පත්තු කරගෙන මම ඇඳ උඩ වාඩි වෙලා වතුර උගුරු දෙක තුනක් බොනකොට වෙලාව පාන්දර තුනයි විස්සට විතර ඇති. පපුව පුරා ගලන දාඩිය බිංඳු මහපට ඇඟිල්ලෙන් සූරලා අත ගසනකොට පිටට දාපු දාඩියෙන් කොට්ටේ, බේඩ් ශීට් ඔක්කොම තනිකර ම තෙත් වෙලා.

කාගෙන් ද මං වෙන්වෙන්නේ?

මොකද්ද පටන් ගන්නත් කලින් ඉවර වෙන්නේ...?

නුවර ට ආව දවසේ ඉඳලම දැකපු හැම හීනයක් හීනයක් පාසා සලකලා බැලුවොත් ඒ හැම හීනෙකින් ම මට පෙනුන සිද්ධිය ඒ ආකාරයෙන්ම හෝ ඊට සමාන විදිහකට ඇත්තටම සිද්ධ උණා. මේ හීන මට කියන්න උත්සාහ කරන්නේ මොකද්ද?

අද.... අද දවසේ ඊලඟ පැය විසි හතර පුරා මගේ දෛවය ට එල්ල වෙන්න යන්නේ මොන වගේ අභියෝගයක් ද? හීනෙන් කිව්වා වගේ මම හුදෙකලා ගලක් වෙන්න ද? චණ්ඩ සුනාමියක් වෙන්න ද?

දැන් ඉතිං නින්ද කියන්නේ හීනයක් විතරක් ම නිසා මම මූණ පොඩ්ඩක් හෝදගෙන මගේ වට්පෑඩ් එක පැත්තේ ගියේ මගේ අලුත්ම කෙටි කතාවට තියන ප්‍රතිචාර බලන්න. හැමදාම වගේ අදත්, එයාගෙන් කවි පදයක්.... කියවන්නත් කලින් මගේ කට කොනකට යාන්තමට හිනාවක් ඇඳුණේ හැමදාම වගේ මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න එයාට පුළුවන්කමක් තියනවා කියලා මට විශ්වාස නිසා.

WhiteHealAll :

"කුතුහලය...!

කුතුහලය නම් මාගේ අම්ලකර ය.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now