WhiteHealAll :
"ආදරය දියමන්තියක්!
දියමන්ති දිලිසෙනවා කිව්වට,
දිලිසෙන දියමන්ති මේ ලෝකේ නෑ...
මොකද,
දියමන්ති දිලිසෙන්නේ නෑ,
දියමන්ති ආලෝකය පරාවර්තනය කරන්නේ...
අපේ ආදරය දියමන්තියක්!
ඔයාගේ හදවතේ රෝමාන්තික ප්රභාකැලුමන්ගේ පරාවර්තනයෙන් ආලෝකවත් උණු,
අපේ ආදරය දියමන්තියක්!"
ඊයේ රෑ දෙකට මම දාපු කතාවට අද උදේ නැගිටලා බලද්දි මගේ ආදරණීය හීල් ඕල් මලෙන් ලස්සන තෑග්ගක් ! මගේ කෙටි කතා පොතේ මම එදිනෙදා අප්ලෝඩ් කරන කෙටිකතාවල වක්රාකාරයෙන් මගේ හිතේ එදා දවසේ වැඩකරන හැඟීම්වල ස්වභාවය නිරූපණය වෙනවා කියලා මං කිව්වනේ. ඉතින් මේ White Heal All මගේ Main Characters ලා වෙනුවෙන්ම ලියන මේ කවි හරියට මගේ පපුවට ම ඉහන පිරිත් පැන් පොදක් වගේ.
ඊයේ රාමනායක අන්කල් කියපු දේවල් තාමත් මගේ ඔලුවේ හොල්මන් කරනවා. මේම බලාගෙන යද්දි මේ ලෝකෙ මම දන්න මිනිස්සුන්ට වඩා මගේ ජීවිතේට අභියෝග කරන, මගේ ජීවිතේට බලපාන ඒත් මං නොදන්න මිනිස්සු ගාන වැඩියිනේ.
කවුද විජේසේකර?
කවුද WhiteHealAll ?
කවුද මගේ රක්ත වර්ණ ඕරාවේ කාල වර්ණ හිමිකාරයා ?
කවුද මගේ ට්වින් ෆ්ලේම් ?
කවුද මගේ තාත්තා මරපු මිනීමරුවා ?
ඔය අස්සේ මට හයාන්ගෙන් වට්ස් ඇප් මැසේජ් එකකුත් ආවා.
"Good morning Totto... ඊයේ දීපු Judges ලගේ නම්බර්ස්වලින් කවුද ඔයාට එන්නං කිව්වේ?"
ආආආආආආආආආආආආආආආආආආආ !!!!
කෞ ද? කෞ ද? කෞ ද තමයි.
Cow නෙවේ elephant. ඇයි යකූ.
මට තරහ ගිහින් තියෙන්නේ, ජෝන් මට හොඳ දුන් දාන ලසඥ්ඥා එකක් ගෙනත් දෙන්න.......
..................
අදත් මගේ මේසෙ උඩ සුපුරුදු පරිදි මාව පිලිගන්න හිටියේ පුංචි අරලිය මලක්. මං ඒ අරලිය මලෙන් මුද්දක් හද හද මීඩියා යුනිට් එක පැත්තට ඇවිදගෙන ගියේ හිතිවිල්ලේමයි. ඔයාලා දන්නව නේද අරලිය මල් මුදු හදන්න? අර මල් පෙති ටික සීරුවට ඉරෙන්නේ නැති වෙන්න යටට නවලා නටුවට ම අමුණලා හදන්නේ. ඉතින් මම යුනිට් එක ඇතුලට යද්දි හයාන් මොනවදෝ කොල වගයක් ප්රින්ට් කරල ස්ටේපර් කරනවා.
YOU ARE READING
අසීමාන්තික | | "UNCONDITIONALLY"
Fantasy"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbo...