විසි එක් වන දිගහැරුම

356 48 49
                                    

~ හාත්පස අරක් ගෙන තිබූ ඝනාන්ධකාරයට නිගා දෙමින් වරින් වර කරලියට බස්නා සඳ එළියත්, තුරුපෙල පිසගෙන හමනා මන්ද මාරුතයත් මේසා මහා ලේ වැගිරීමක් පිලිබඳ සේයාවකුදු නොදත්හ.

රිජ්ෆීල්ඩ් කඳු කොත මත ලේ විලක් මැද වැටී සිටි ජපන් සෙබලුන් ගණන දහ නවයකි. ලේ වැගිරෙන කගපත ලේවලින්ම අතට ඇලී වෙව්ලමින් පැවතියේ ඔහු අතයි.

ප්‍රාණවත් භාව ශූන්‍ය වූ ඔහු තමා දෙසට කඩුවක් අමෝරාගෙන පැමිණෙන සමුරායිවරයා දෙස බලා සිටියේ එම කගපත තම හෘදය සිදුරු කරනා තුරු ඇඟිලි ගනිමින් සිටියාක් මෙනි. ඔහු ගතින් පමණක් නොව සිතින් ද තම මරණය සඳහා සූදානම්ව දැන් බොහෝ කල් ය.

"තියෝ......."

කිසිවෙකු නැගූ ඒ විලාපයත් සමඟින් සමුරායිවරයා ගේ කගපත පපුව පසාරු කර ගෙන ගිලාබැස්සේ දසත ලේ ගැලුම් ගනණක් එකවර විසිරෙන විටය.

මෙතෙක් වේලා දෙපයින් සිට ගෙන සිටි ඔහු අවසන මිහිමව සිප ගත්තේය.

නමුත්,

ඔහු තවමත් හුස්ම ගනී.

මන්දයත්,

ඔහුට එල්ල වූ ඒ කඩු පහර ඔහු වෙනුවෙන් ලබාගෙන මිහිමව සිප ගත්තේ ඔහු නොවන බැවිනි."

...........

"එපාආආආආආආආ...."

පාන්දර හතරයි විස්සයි. අදත් දාඩියෙන් තෙත්වෙලා මම ඒ දැකපු හීනේ ලියා ගන්ඩ පෑනක් ලඟපාතක නොතිබුණු නිසා මම පෝන් එකේ නෝට් පෑඩ් එකේ කොටාගෙන කොටාගෙන ගියේ වියරුවෙන් වගේ. ඒත්...ආහ්.... මට හරියට මතක නෑ ඔක්කොම වෙනද වගේ...

ලේ....

හැමතැනම ලේ...

එච්චරයි මට මතක....

............................

"හම්මට ඌ එහෙමත් කිව්වද? පගයා අපි කවුරු කියලා හිතන් ඉන්නවද දන්නේ නෑ හිතෙන හිතෙන වෙලාවට ගෙම්බර් දාලා යන්ඩ.."

රවිඳු එක අතක් ඉණේ ගහන් අනික් අත ඉවාන්ගේ උරහිසක් වටේ දාගෙන කිව්වේ බර කල්පනාවකින්.

"ඔව් බං. මාත් එක්ක අපේ මිහිතාත් හිටියා. තව කොල්ලෝ තුන් දෙනෙකුත් එක්ක මේකා ආවේ. මායි මූයි හිතුවේ අපිට ඒ වෙලාවේ ම නෙලයි කියලා. ඒත් පේන හැටියට උගේ තරහ වැඩිමනක් ම තියෙන්නේ රයන් එක්ක..." හයාන් පොඩි රවුම් පනාවක් ඇඟිල්ලට පටලවාගෙන කොණ්ඩේ ටිකක් උස් කරලා පැත්තට පීරන ගමන් මාවත් පෙන්නලා කිව්වා.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now