තිස් හත් වන දිගහැරුම

271 38 39
                                    

අදත් කට්ටිය ම සෙට් උණා අපේ අලුත් මීඩියා ක්ලාස් එකේදි. අපි එද්දි පන්තියේ ඇවිල්ලා හිටියේ අර කොණ්ඩේ කොටට කපපු කෙල්ලෝ දෙන්නා විතරයි. අපි සෙට් එකම KCC එකේ Baskin Robbins එකෙන් අයිස් එකක් එහෙම අරන් උඩම තට්ටුවේ රවුමක් ගහලා පන්තියට එනකොට එක පාරටම අපේ කටවල් ලොක් උනේ ඉස්සරහින් ම ගිය ඉවාන් ඇරලා දාලා තිබ්බ ගේට්ටුවෙන් ඇතුල් උණු ගමන් තිබ්බ පොල් පැලේ ට මුවා වෙලා කටට ඇඟිල්ලක් තියලා තව ඇඟිල්ලක් පන්තිය පැත්තට දික් කරකර මොකද්දෝ පෙන්නනකොට.

අර කෙල්ලෝ දෙන්නගෙන් කෙට්ටු උස එකී ගේ උරහිසේ කෙට්ටු මිටි එකී ඔලුව තියාගෙන, උස එකී අරකිගේ ඔලුව අතගානවා හෙමීට හෙමීට. තැනින් තැන නළලට හාදු දෙක තුනකුත් නොදෙනවා ම නෙවෙයි. ඩබලම ෆෝන් එකේ ඉන්ඩිලාගේ French සිංදුවක් දාගෙන අහනවා...

"අඩෝ මේ මේ... උන් දෙන්නා සෙට් ද?"

රයන් ඇහුවේ රවිඳුත් නිකට රැලි කරගෙන "ඒ වගේනේහ්" කියද්දි.

"මුන් දෙන්නා එහෙම නං හැමදාම කුකුලත් අතේ තියන් ක්ලාස් එකට එන්න හේතුව මේකයි නේහ්...." හයානුත් මගේ උරහිසට අතක් තියාගෙන පොල් අතු අස්සෙන් බලබල කිව්වා.

"ඉඳපංකෝ කොහු මිටි දෙකෙන් අද සොමියක් ගන්ඩ"

"අඩෝ පිස්සු නටන්......"

කොහෙද ඉතින්, රයනා අපි කියන එකක් අහනවා නං බැරියැ. මේකා ගිහින් හැමදාම වගේ අන්තිම පෝලිමෙන් බෑග් එක තිබ්බත් අරුන් දෙන්නට ඇහුණේ නෑ තාම. මේ ලෝකෙ නෙවෙයි වගේ ඉන්නේ.

"ආහ්... නංගිලා... කවදටද ඇනිවසරි එක?"

රයන් දිවත් ක්ලික් කරලා ඇහැක් ගහලා අහද්දි අරුන් දෙන්නා අකුණක් ගහලා වගේ දෙපැත්තට උණා. අපිත් ඉතින් රයන් සර් ගේ පන්තියට ආපු එක වසරේ ඇච්ටො ටිකක් වගේ සද්ද නැතුව වාඩි උණේ මූ අද පෙන්නන නාට්‍යට Free Ticket අරන්.

"මොන ඇනිවසරි එක ද?" උස කෙට්ටු එකී ඇහුවේ මොකුත් දන්නේ නෑ වගේ.

"අයියෝ මේහ් බොරු මරිසි එපා නංගී. ඔයාලගේ මරිසි අපිට තේරෙනවා. කෝ වෙඩින් කේක්....?"

"මොන වෙඩින් කේක් ද?" උස එකී නං ඇම්ඩියක් වගේ. මෙලෝ ගානක් නැතුව කතා කරන ලස්සන. හැබැයි මිටි එකී නං අපි දිහා නොබලා අනික් අට දිශාව ම බලබල හිටියේ ඔලුව වටේ කටුස්සෝ පාවෙනවා වගේ.

අසීමාන්තික | | "UNCONDITIONALLY"Where stories live. Discover now