ආදරේ කියන්නේ මොකක්ද කියලා මම දැනගත්තේ පොත්වලින්.. ඔයාව දැක්කම ඒ පොත්වල ඉන්න ආදරනීය චරිතයකට පණ ඇවිත්ද කියලා මට හිතුනා.. කවුරුවත් තැකීමක් නොකරපු කාගෙවත් ඇස්වලට නොගැටෙන මාව ඔයාට පෙනුනේ කොහොමද කියන්න මම දන්නේ නෑ.. ඔයාගේ ලගදි දැනෙන ඒ නිදහස් හැගීමට මම ආසයි.. හැමදාම ලගින් ඉන්න කියලා කියන්න ඕනෙ වුනත් ඔයාට මාව තවත් යාලුවෙක් විතරක් නිසා මම මගේ හැගීම් හිර කරගන්නම්.. මම මේක ලියන්නේ වෙන කාටවත් නෙමෙයි ඔයාට.. ඔව් ඔයාට තමයි.. කවදහරි දවසක ඔයා මේක කියෙව්වොත් ඔයා දැනගනී මේක ලියන්නේ මම කියලා.. මොකද ඔයාගෙයි මගෙයි අත්දැකීම් මේකෙ ලියැවිලා ඇති.. ඔයා නොදැක්ක මගේ ආදරේ කවදහරි ඔයා තේරුම් ගනියි.. මේක ෆැන්ටසියක්.. කවදාවත් මගේ නොවන මගේ ආදරය වෙනුවෙන් ලියැවෙන මනඃකල්පිතයක්..
කියවලා බලන්න..
ප. ලි. :-
මම මේක ලියන්නේ කතාවේ අවසානයටත් ලන්වෙලා... මේ කතාව අවුරුදු දහ අටට අඩු අය කියවන්න එපා..
මම දන්නවා එහෙම දැම්මම ඔයාලා මේක අනිවාරෙන්ම කියවනවා කියලා.. මම කෙලින්ම කියන්නම්.. මේකේ ඇත්තටම දරුණුවට ලියපු Erotic scenes නෑ.. තියෙන ප්‍රශ්නය තමයි මේක ඇතුලේ ඉන්න සමහර චරිත මානසිකව ව්‍යාකූල වූ චරිත.. ලියන කෙනාගෙත් එතරම් වෙනසක් නෑ.. සාමාන්‍ය මනුෂ්‍යයෙක් විඳින්න අකමැති විඳින්න නුසුදුසු සිඳුවීම් තුලින් මම ලස්සනක් දකිනවා.. ඒත් ඒ දේවල් නුසුදුසු බව තේරුම්ගන්න තරම් මම පරිණතයි.. ඒ නිසා ඒ සිතුවිලි උපදින තැනම වලලන්න මට පුලුවන්.. නමුත් ඔයා...
ඔයාලගේ සිතුවිලි වෙනස් වෙන කාලේ මේක.. මට අවශ්‍ය නෑ ඔයාලගේ පැහැදිලි මානසික තත්වයට බලපෑම් කරන්න.. සමහරවිට මේකේ එතරම් දෙයක් නැතුවත් ඇති.. ඒත් ඔය වයසෙදි පොඩි දෙයක් ඇති හැමදේම කණපිට හැරවෙන්න.. ඉතින් ඔයා තවමත් මානසික වශයෙන් පරිණත නොවූ අයෙක් නම්, මේක ඔයාලගේ වටිනා කාලය වැය කරන්න තරම් නුසුදුසු, වැඩකට නැති මහා ගොබ්බ කතාවක් කියලා අහක දාන්න...
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..