ඉතින්... කොළපාට ලස්සනයිද?
ඔව්... මම දන්නවා... සමහර තැන් තිබුනා ඉර එළිය වැටුනු පාසි වගේ රත්තරන් පාටට දිළිසුනු... ඒ වගේම තවත් තැන් තිබුනා කලු ගැහුනු අඟුරු වගේ අඳුරු වුනු... ඒත් ඒ තිබුනේ කොළපාට විතරයි කිව්වොත් මාව විශ්වාස කරනවද?
ඔයාලා තාම දැක්කේ කොළපාට විතරයි දරුවෝ...
ලස්සනට හැඳුනු කොළපාට ලෝකයක්...
ඒත්... ඒ කොළපාට වනාන්තරයේ රූස්ස ගස් යට වැලලුන ලේ රතුපාට රහස්... ඒවා හැංඟිලාම තියෙන්න ඕනද?
ඒ කොළපාට ඇස් හංඟපු රහස... දැන් දන්නේ මමත් දෙවියොත් විතරයි... සමහර රහස් මේ පුංචි හිතට දරාගන්න බැරි තරම් බර වැඩියි... ඉතින් එනවද මා එක්ක ඒ රහස් ගොඩගන්න?
මටත් ඕනේ නිදහසක්... ඒත් ඒ කොළ ඇස් රාක්ෂයා වගේ මට මේ ලෝකෙන් පැනලා යන්න බෑ... ඉතින්... කැමතිද ඔය උරහිස උඩ ඉඩ දෙන්න? මගේ රහස අහන් ඉන්න? ම්ම්ම්... කියන්න... කැමතිද?
ඒත් මතක තියාගන්න... කොළපාට තරම් රතුපාට ලස්සන නැති වේවි... රතුපාට හුඟ කාලයක් තිස්සේ පොළොව යට පල් වෙලා... උහුලන්න බැරි තරම් ගඳයි... කුණු ලේ පාටයි... ඉතින් දරාගන්න හයියක් නැත්නම් මෙතනින් නවතින්න...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.අතීතයෙන් හමුවෙමු...
ඉක්මනින්ම...
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..