18 කොටස

135 22 5
                                    

ඔහුගේ මුවින් පිටවෙන උණු සුසුම් සෙමෙ සෙමෙන් මගේ දෙතොල් සිඹිමින් ඈතට ඇදිලා යනවා... ඒ කොළ පාට ඇස් ඇතුලේ තියෙන මගේ ප්‍රතිබිම්භය මට මොනවදෝ මුමුණනවා... මට දැනෙන්නේ ඒ ඝන වනාන්තරයේ තියෙන අඳුරු කොළපාට සම්පූර්ණයෙන්ම මාව වහගෙන ඉන්නවා වගේ... අඳුර භයංකාරයි කියලා කීවේ කවුද? අඳුර හරි ලස්සනයි... තදම තද අඳුරු කොළ පාට... ගුප්තයි... ඒත් ආදරනීයයි...

ඒ රළු අතට මගේ අත තව තවත් ගුලිවුනා... අත් හැරෙයි කියලා බයෙන් වගේ... මගේ අත ඒ දෘඪ අතට තදටම මිරිකුනා... මට රිදුනත් මන් ඔහුව නැවැත්තුවේ නෑ... මොකද ඔහුට තිබුනු බයම නොදැනුවත්වම වුනත් මගේ හිතෙත් දළුලා වැඩෙමිනුයි තිබුනේ...

ඔහු මගේ ඇස් වලින් ඔහුගේ ඇස් ඉවතට ගත්තා... ඒත් මගේ අත නම් අත් හරින්න අදහසක් ඔහුට නෑ...

"ඇන්ඩර්සන්..."

මම හිතින් මුමුනපු වචනය මුවින් පිටවුනේ ඔහුගේ ඇස් ගැස්සෙද්දි...

වයසින් වැඩි නිසා නම කියලා කතා කරන එක වැරදි වුනත් නමින් එහා ආමන්ත්‍රණයක් මගේ කටින් පිටවුනේ නෑ... ඒත් නොහිතපු විදිහට ලැබුනු ඔහුගේ ප්‍රතිචාරය නිසා හිතනවාටත් වඩා අපි ලඟයිදෝ කියලා මට සිතුනා...

"ම්ම්??"

"අපි දැන් කවුද??"

එයා මගේ දිහා බැලුවා... මම අහන දේ ඔහුට තේරුනත් ඔහුට පැහැදිළි කිරීමක් අවශ්‍ය බව ඔහුගේ මුහුණින් කියැවුනා...

"අපි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද?"

"අදහස ඔයාගේ නම් නමක් දාන්න ඕනෙත් ඔයාම තමයි..."

ඔහු නුරුස්සනා ස්වරයෙන් කිව්වත් ඒ ඇයි කියලා මට තේරුනේ නෑ...

"ඒත් ඇයි ඔ-"

"අපි කරන හැමදේටම තේරුමක් තියෙන්න ඕනෙම නෑ කිව්වේ ඔයාමයි... දැන් මේ දේවල්වලට මගෙන් තේරුම් අහන්න එපා ආතර්ව්..."

අහන්න ගියපු ප්‍රශ්නය මගේ මුව තුලම ගිලෙද්දි දුකක්ද තරහක්ද නොතේරුනු හැඟීමකින් උත්තර දුන්නු ඇන්ඩර්සන් බංගලාව ඇතුලට ගියා... මට කරන්න පුලුවන්වුනේ ඒ දිහා බලන් ඉන්න එක විතරයි... ඔහුගේ සමහර හැසිරීම්වලට හේතු තේරුම්ගන්න බැරි වුනත් මම ආදරේ කරන්නේ ඒ අභිරහස් බවටමදෝ කියලා මට හිතුනා...

CecropisWhere stories live. Discover now