"මොකක්ද වෙලා තියෙන්නේ??"
දේව් කඩාගෙන බිඳගෙන තේමියගේ ලැබ් එකට ඇතුලුවුනා... ඇන්ඩර්සන් සහ තේමිය හිටියේ සිරුර විවෘත කරපු මිනියක් ලඟ හිටගෙන...
දේව් හිටියේ හුස්ම තද කරන්... මිනිය නොපෙනෙන විදිහට ඇස් ඉහලට ඔසවමින් ඔහු ඇන්ඩර්සන් හා තේමියගේ මූනු දිහාවට විතරක් ඇස් තියාගෙන ඉන්න දරන වෑයම දැකපු තේමිය දේව්වත් එක්කගෙන ලැබ් එකෙන් එලියට ආවා... දේව් ඉහලට ගත්ත හුස්ම පහලට වැටුනේ එතකොටයි...
"මොකද හඳිස්සියෙම කතා කරේ?"
"මට දේව්ට කියලා ලොකූ වැඩක් කරගන්න තියෙනවා..."
තේමිය ඉටිකවරයක බහාලූ පොඩිවී ගිය කොළයක් මේසය මතින් තිව්වා...
"මේක හමුවුනේ ගනේමුල්ලගේ බොඩි එක ඇතුලේ තිබුනු පොඩි කැප්සියුල් එකකින්... එයා මැරුණට පස්සේ හඳවත පසාරු කරලා කැප්සියුල් එක ඇතුලට බස්සලා..."
ඒකේ තියෙන්නේ නම්බර්ස් වගයක්...
"මේකේ තියෙන්නේ ලොකේෂන් එකක කෝඩ්ස්..."
ඇන්ඩර්සන් කිව්වේ දේව් දිහාවට අවධාරණය කරන බැල්මකින්...
"කොහෙද??"
ඇන්ඩර්සන් ඔලුව පැත්තට හරවලා මහා අමුතු හිනාවක් දැම්මා...
"ගජනායකගේ වලව්ව..."
"ඒ වගේම හිත ඇඳිලා යන කාරණේ තමයි බ්ලැක් බර්ඩ්ස්ලගේ ජීවතුන් අතර ඉන්න එකම සාමාජිකයා..."
"එතකොට අනිත් දොලහම-"
"මැරිලා... නැත්නම් අතුරුදන්..."
ඇන්ඩර්සන් ඒක කිව්වේ ලොකූ සතුටකින් වගේ... කටේ හිනාවක් නැතුවුනත් ඒ ඇස් දෙක හිනාවෙනවා... ඒ හිනාව දකින ඕනම කෙනෙක් ඇන්ඩර්සන් දාම ඝාතකයා කියලා සැකකරාවි... ඒත්..
"සයිලස්..."
ඇන්ඩර්සන් තේමියගේ දිහාවට හැරුනා... තේමියගේ තොල් මොකක් හරි කියන්න දඟලනවා... ඒත් ඒ ඇස්වලට ඇන්ඩර්සන් දිහා කෙලින් බලන්න බෑ...
"මම ඔයාගේ බ්ලඩ් සාම්පල් එකක් ගත්තා..."
ඇන්ඩර්සන් තේමිය දිහාවට දුන්නේ ප්‍රශ්නාර්ත බැල්මක්...
YOU ARE READING
Cecropis
Tajemnica / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..