තාත්තගේ මරණයෙන් දින දෙකකට පස්සේ තේමිය ඇන්ඩර්සන්ව හමුවෙන්න ආවා...
තේමිය සෝපාව මත ඉදගෙන පැය කාලක් පමණ ගතවුනත් තාමත් ඔහුගේ මුවින් එකදු වචනයක් පිටවුනේ නැහැ... ඔහු සිදුකල එකම දේ ඔලුව පහතට නමාගෙන තම එකට බැදි දෙයත් දිහා බලා ඉන්න එක විතරයි...
මේ වෙලාවේ තේමියගේ හිතේ කැකෑරෙන්නේ මොනවද කියලා කුතුහලයක් තිබුනත් තම මිත්‍රයාගේ සිතුවිලි දාමයට බාදා කරන්න ඇන්ඩර්සන්ට ඕනවුනේ නෑ...
අවසානයේ ලොකූ සුසුමක් පිටකල තේමිය තම කතාවට මුල පිරුවා...
"සයිලස්... තාත්තා... එයාගේ මරණේ සිද්ධවුනේ ස්වභාවිකව කියලා මට හිතෙන්නේ නෑ... ඒක හොඳට ප්ලෑන් කරපු ම'ඩර් එකක්..."
ඇන්ඩර්සන්ගේ සාමාන්‍ය ස්වභාවය හැඟීම් නොපෙන්වීමවුනත් එකපාරටම ඇහුන දෙයින් ඔහුගේ සිතේ ඇතිවුනු පුදුමය හංගා ගැනීමට ඇන්ඩර්සන්ට බැරිවුනා... ඒත් ඔහුගේ ඒ සියුම් වෙනස තේමිය දැක්කේ නෑ...
"රිපෝට්ස්වල තියෙන්නේ~"
"ඔව් මම දන්නවා මම ඒවා සිය පාරකට වඩා බලන්න ඇති... ඒත් බං මොකද්දෝ නොතේරෙන හේතුවකට මට තාත්තගේ මරණයයි මේ දාම ඝාතන අතරයි සම්භන්ධයක් තියෙනවා කියලා හිතෙනවා... උබ දන්නවනේ මට දෙයක් හිතුනොත් ඒක ලේසියෙන් වරදින්නේ නෑ... මට ඕන මේ ගැන කන්ෆර්ම් කරගන්න විතරයි..."
"උබ පුතාවුනත් හරි සාක්ෂියක් නැතුව ඒකට අවසරයක් ලැබෙන්නේ නෑ..."
තේමිය කෙලින්ම ඇන්ඩර්සන්ගේ ඇස් දිහා බැලුවා...
"ඒකනේ මං උබ ලගට ආවේ..."
"කරන්න යන දේ බරපතල කම දන්නවනේ?"
තේමිය ඇන්ඩර්සන්ගේ ඇස් දිහා බලාගෙනම හිටියා... ඒ ඇස්වල පහුබැහීමක් නෑ... ඔහු මේ ක්‍රමය නැතිනම් අන් ක්‍රමයකින් හෝ තම අරමුණ ඉටු වෙනකම් නවතින්නේ නැති බව දන්න නිසාම ඇන්ඩර්සන්ට තම මිත්‍රයාගේ යෝජනාවට එකඟ වෙන්න සිද්දවුනා...
ඇන්ඩර්සන් එනකොටත් තේමිය එතනට ඇවිත්... තම සහයකයා වගේම මිත්‍ර පොලිස් නිලධරයත් සමඟ තේමිය නොයිවසිල්ලෙන් බලන් ඉන්න හැටි ඔහු දුර තියාම දැක්කා...
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..