මුලු හවස්වරුවම නිදාගත්ත මම අවදි වෙද්දි හත පහුවෙලා.. කලුවරේම ගිහින් ස්විච් එක ඕන් කලත් බල්බ් එක පත්තු වුනේ නෑ..
"ආහ්.."
දෙතුන්පලකම වැදිලා යන්තම් අතගාලා ෆෝන් එක හොයාගත්තා.. ටෝච් එක ඔන් කරගෙන කාමරෙන් එලියට බැස්සේ Mr. Anderson ව හොයාගන්න.. මොන මගුලක ගිහින්ද මන්දා.. මේ ලබ්බේ බංගලාවට කරන්ට් ඇත්තෙත් නෑ..
"උහුහුහු හූ...."
හුලගට වැනුනු ජනෙල් රෙද්ද ඇග දිගේ ඇදිලා ගියේ.. ඇගම හිරිවට්ටගෙන.. දැන් නම් කකුල් දෙක මැන්ඩලින් ගහනවා.. බයකට එහෙම නෙමෙයි.. සීතලට.. මම වැට අල්ලගෙනම පඩිපෙල බහින්න කකුල තිබ්බා..
*ක්‍රී......ස්*
ආච්චිගේ බංගලාවක්නේ හුත්ත.. කොයිවෙලේ හරි මැරෙන්නේ පපුව නැවතිලා.. ලී පඩිපෙලේ අඩිය තියද්දි ඇහෙන මූසල සද්දෙට මගේ නිශ්චල සිත චංචල වුනා.. ඒ මදිවට කොහෙද ඉන්න වල් නරියෙකුත් හූ තියනවා.. කවුරුහරි මගේ පිටිපස්සෙන් අඩි තියනවා වගේ දැනුනු නිසා මම හැරිලා බැලුවා.. කවුරුවත් නෑ.. පඩි ටික බැස්සා නෙමෙයි පහලට පැන්නා.. සාලේ පුරාවට ටෝච් එක්ක ඇල්ලුවත් මිස්ටර් ඇන්ඩර්සන් පේන්න නෑ..
කුස්සිය පැත්තෙන් පෙනුනු පහන් එලිය දැක්ක ගමන් මම ඒ පැත්තට ගියේ ඇන්ඩර්සන්ට කනේ ඇගිලි ගහගන්නම අමතන්න හිතාගෙන..
"අ.. අ.. අන්..කල්.."
ලාම්පු එලියෙන් පෙනුනු දේ මම ඒ මොහොතේ කොහෙත්ම දකින්න බලාපොරොත්තු වුනේ නෑ.. අන්කල් ලොකු පිහියකින් මොනව හෝ කපමින් හිටියා.. මොනව නමුත් කපන්න පහසු නොවූ දෙයක්.. අන්කල් පිහියත් උස්සගෙනම මගේ පැත්තට හැරුනා.. මොනවද ඇදුමේ තියෙන්නේ.. ලේ??? ලේ නේද ඒ.. මගේ ටෝච් එලිය එල්ල වෙලා තිබුනේ ඔහුගේ පපුවට.. ඒ තියෙන්නෙ ලේ තමයි.. මගේ මූන දිහා බලං හිටපු ඔහු හෙමින් මගේ ලගට ආවා.. 'හැබැයි ඇන්ඩර්සන් හරි අමුතු මිනිහා' ඒ වචන ටික මගේ ඔලුව ඇතුලෙන් ආයෙ ආයෙත් ඇහෙන්න ගත්තෙ මගේ බය තවත් වැඩි කරගෙන..
"එ.. එන්න එපා.."
"දරුවෝ..??"
මම හැරිලා දිවුවේ දොර දිහාවට.. දොර තදයි.. මම දොරේ එල්ලිලා දොර ඇරගන්න දගලද්දි ඇන්ඩර්සන් මගේ අතින් අල්ල ගත්තා.. මම ඔහුගෙන් මිදෙන්න අත ගසද්දි ෆෝන් එක බිම වැටුනා.. එයා ඒ දිහා බලන්න ඔලුව හරවපු සැනින් දොර ඇර ගත්ත මම කලුවරේම දුවන්න ගත්තා.. යන්නේ කොහෙද ඉන්නේ කොහෙද කියලවත් නොදන්න මම පිටිපස්ස නොබලම දිව්වා.. සපත්තු නැති කකුල් ගල්වල ඇනුනත් ඒ ගැන නොසිතා මම දිගටම දිව්වා.. කොච්චර දුර ආවද දන්නෙ නෑ.. ඒත් මම නතරවුනේ නෑ..
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..