බස් එකෙන් බැහැපු මම කඩමංඩිය පහුකරගෙන ඉස්සරහට ගියේ යන්න ඕන තැන ගැන ලොකු වැටහීමක් නැතුව.. මම මගේ ඇස් වටේටම ගෙනිච්චා.. ලස්සනයි.. කොළම කොළ පාටයි..
" පුතා කොහෙටද යන්නේ? "
කරුණාවන්ත පෙනුමක් තිබුන මැදිවයසේ පුද්ගලයෙක් මගේ ලගින් බයික් එක නැවැත්තුවා..
" Mr. Anderson ගේ ගෙදරට.."
" ආ.. එහේද.. නගින්න.."
එහෙමම බයික් එකට නැග්ග මම යන මගදිගටත් බලන් ගියේ ඈතට විහිදිලා තියෙන කදු දිහා..
" පුතා කොහෙද? "
"මං කොළඹ අන්කල්.. "
" තනියම මෙහේ?? "
" Mr.Anderson අප්පච්චිගේ යාලුවෙක්.. නිවාඩුවට ටික දවසක් මෙහේ ඉන්න කියලා ආවේ.. "
හොද නිවාඩුව.. කාඩ් එකත් කැන්සල් කරා..
" මෙහේ දේශගුණේට පුතා කැමති වෙයි.. හැබැයි ඇන්ඩර්සන් නම් ටිකක් අමුතු මිනිහා.. කාත් එක්කවත් වැඩි කතාවක් නෑ.."
කිලෝමීටර දෙක තුනක්ම ගිහින් ලොකු ගේට්ටුවක් ගාවින් නතරකරපු ඔහු මගේ දිහා බැලුවා.. මෙතනද තැන?? ගේට්ටුව අස්සෙන් පේන්න තිබුනේ කැලයක් මැදින් වැටුන පාරක්.. ගෙයක් නම් පේන තෙක් මානෙක නෑ.. මම නැවතත් ඔහු දෙස බැලුවෙ සැකයෙන්.. මෙය ඇන්ඩර්සන් නිවසට යන පාර බව තහවුරු කල ඔහු යන්න ගියේ මගේ හිතේ චකිතයක් ඇති කරමින්..
ගේට්ටුවෙන් ඇතුල් වුනු මම හෙමින් ඉස්සරහට ගියා.. පාර දෙපැත්තෙම උසට වැවුනු රූස්ස ගස් නිසා එහි තිබුනේ අදුරු භයංකාර පෙනුමක්.. මේක ඇතුලෙන් නම් diplodocus කෙනෙක් උනත් මතුවෙන්න බැරි නෑ.. මම තවත් කිලෝමීටර එකහමාරක් විතරම පයින් ගියාම ලී වලින් හදපු වැට කඩුල්ලක් තිබුනා.. එතනින් එහාට තිබුනේ වෙනම ලෝකයක්.. පේනමානේ පුරාම තිබුනේ මල්.. එක එක පාටින් මල් යායක්.. මම මේ ඉන්නේ හීනෙකද කියලා හිතාගන්න බැරි තරම් එතන හරිම ලස්සනයි.. Lilias ගේ ගාඩ්න් එකට රිංගපු Mary වගේ මම ඒ ලස්සන ඇතුලේ අතරමංවුනා..
මගේ අවධානය බිදුනේ මල් ගස් අතර එහා මෙහා ගිය රූපය නිසා..
" Excuse me mister.. "
YOU ARE READING
Cecropis
Mistério / Suspenseඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..