"ඕයි... තවීශ... උබ ඔය අඩනවද?"
"පිස්සුද බං... ඇහැට රොඩ්ඩක් ගියා..."
"අනේ පලයං පකෝ යන්න... උබ ඔය අර නෙත්මි කියන එකී නිසානේ අවුල් ගහලා ඉන්නේ... බලපංකෝ යුවාන්... මූ ඒකිට කියන්නෙත් නෑ... මෙතනට වෙලා ගස් බල්ලෙක් වගේ හූල්ලනවා... මුගෙන් ඇහුවට හරියකට කියන්නෙත් නෑ කවුද කියලා... බයෝ ක්ලාස් එකේ නෙත්මිලා කීයක් නම් හිටියද... මුගේ එකී කවුද කියලා අඳුරගන්න අපිට අංජනම් බලන්න බෑනේ... උබ කියනව නම් අපිට ගේමක් ගහල දෙන්න බැරි නෑ... නැද්ද යුවාන්..."
"හ්ම්ම්"
"මොකද කියන්නේ... මේ සැරේ ගියාම ට්රයි එකක් දෙමුද?"
තවීශ බිම බලාගත්තා...
"එයාට කෙනෙක් ඉන්නවා බං..."
"එහෙනම් මොන හුත්තකටද ඒක ගැන ආයෙ හිතන්නේ?? උබේ ඔය නෙත්මි ගැන කියලා ආයේ හූල්ලන්න තියාගන්න එපා... එහෙම වුනොත් උබට මන් අර යුවාන්ගේ ගේ ලඟ ඉන්න සුන්දරීව තමයි සෙට් කරන්නේ...."
තවීශ නෝක්කාඩුවට හිනාවෙලා අහක බලාගත්තා...
මෙහේට සිග්නල් නැති නිසා සහස් හිටියේ සුදාම්මිට කතා කරගන්න බැරුව වේදනාවෙන්... ලෑන්ඩ් ලයින් එකෙන් ගන්න කිව්වම ඇන්ඩර්සන් ඉන්න නිසා ලැජ්ජයි කිව්වේ... ඇන්ඩර්සන් වොෂෲම් එකට ගියා විතරයි කොල්ලා ෆෝන් එක ලඟට ගියේ පියාඹලා... හැබැයි මූ දන්නේ නැති පොඩි රහසක් තියෙනවා... ඕකෙන් කතා කරන රහස් කන් හතරකින් නවතින්නේ නෑ...
සහස් නම්බර් එක ඩයල් කරලා රිසීවරේ කන තියාගත්තා...
"හෙලෝව්..."
අම්මට යකෝ ඒක... සඳුනිගේ හෙලෝ එකට ඩයලොග් එකේ අක්කත් පදිරි...
"හෙලෝ බබා~~"
"තමුසේ මොන ගුබ්බෑයමකද රිංගන් හිටියේ සහස්... ෆෝන් එක ඕෆ් කරන් මොන මගුලක්ද කරන්නේ... තමුසේ කණමදයා වගේ බීගෙන කොහෙහරි වැටිලා මැරිලද කියලා මං පණ බයෙන් හිටියේ... තමුසෙට කෝල් ආන්ස්වර් කරන්න බැරි නම් මැසේජ් එකකට රිප්ලයි කරන්න බැරිද කාලකන්නි වගේ බීගෙන නැහෙනවා..."
ඩයලොග් අක්කා පෑල දොරෙන් පැනලා ගිහින්... දැන් ඉන්නේ මහා කාලි... ලඟ පාත හිටියම් මූව කෝටුමස් කරාවි...
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..