ස්ට්රෝබෙරි රස ටිකෙන් ටික නැතිවෙලා ගිහින්... දැන් මගේ දිව සංවේදනය කරගන්න රසට දෙන්න නමක් මම දන්නේ නෑ... ඔහුගේ අතට මගේ ඉන තදවෙලා... ඒ අත අකීකරුව එහෙ මෙහෙ යන්න දඟලද්දි ඔහු කලේ තව තවත් මගේ ඉන මිරිකෙන්න තද කරගත් එක... මේ මොහොතේ ඒ මූනේ ඇඳෙන හැගීම් මොනවද කියලා මට බලන්න ඕන... ඒත් මගේ ඇහිපිය හරි බරයි... මොකද ඒ නමක් නොඳන්න රස, ඇල්කොහොල් පසන්ටේජ් එක වැඩි ලිකර් බොට්ල් එකකටවත් බැරි විදිහට තත්පර ගානක් ඇතුලත මාව මත් කරලා තිබුනා...
හාඳුවේ අතරමංවුනු මට හීනෙන් වගේ පියානෝ වාදනයක් ඇහුනා... ඒක හරිම ආදරණීය සන්සුන් වාදනයක්...
ඇන්ඩර්සන් මගෙන් ඈත්වුනා... සාක්කුවෙන් ගත්ත ෆෝන් එක කන තියාගත්ත ඔහු සංවාදය අවසන් වෙනතුරුම හූමිටි තිබ්බා... ඒ තමයි ඇන්ඩර්සන්ගේ රිගින් ටෝන් එක අහපු පලවෙනි වතාව... ඒ තාලය හරියට එයා නිතර මුමුණන නැලවිලි ගීයේ තාලය වගේ...
ෆෝන් එක ආයෙත් සාක්කුවට දාගත්ත ඇන්ඩර්සන් ඇහැ කොනින් දැක්ක මොකක් හරි නිසා ආයෙත් ගැස්සිලා මගේ දිහාට හැරුනා... ඒ මූනේ එකපාරම කෝල හිනාවක් ඇඳුනා...
"ඇයි... මගේ කුරුලු පැටියට ආයේ නවත්වපු තැනින් පටන්ගන්න ඕනද?"
ඇන්ඩර්සන් මගේ නිකටින් අල්ලන් ඇහුවට ඇහුවේ මොකක්ද කියලා මට එකපාරටම තේරුනේ නෑ...
ඕ ෂිට්... මම මගේ තොල් තද කරගත්තා... මෙච්චර වෙලාවක්ම මගේ තොල් තිබිලා තියෙන්නේ ඇන්ඩර්සන් හාදුව නවත්තපු තැනින් නතරවෙලා...
පහත්වෙලා මගේ නලලින් තොල් තද කරපු ඇන්ඩර්සන් ඉස්සරහ හැරුනත් ආයෙත් හැරිලා මගේ තොල් මතින් පුංචි සිපුමක් තිබ්බා... කලින් තිබුනු වේදනාව ඒ ඇස්වලින් මැකිලා ගිහින්... දැන් ඒ ඇස් දිලිසෙනවා... ඒ මුහුනේ ඉරියව් වෙනස් වෙන්නේ හරි ඉක්මනින්... ඇන්ඩර්සන්ගේ නාට්යයේ අද දැකපු ඒ චරිතය නම් ආයේ කවදාවත් මට දකින්න ඕනේ නෑ...
අපි වැඩිවෙලා නොගිහින් බංගලාවට ආවා... එනකොට ගව බාග දෙක සාලේ මැද සක්මන් භාවනාව කරනවා... මාව දැක්ක ගමන් මගේ දිහා බලපු තවීශ ආයේ ඇන්ඩර්සන් දිහාවට ඇස් යැව්වා... මූනු අමුතුයි... මුන් දෙන්නා ඇන්ඩර්සන්ගෙන් ගුටි කෑවද? මෙතන වෙන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ... ඒත් තවීශයි ඇන්ඩර්සනුයි අතරේ තියෙන සීතල යුද්ධය නම් හරිම පැහැදිලියි... ඇස් එකට යාවෙලා... මේ මොළ දෙක ඇතුලේ මේ වෙලාවේ වැඩ කරන්නේ මොනවද කියලා දැනගන්න මට පුදූ~ම කුතුහලයක් තියෙන්නේ...
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..