44 කොටස

104 11 55
                                    

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවා නම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...

නන්නාදුනන රේඩියෝවෙන් ගලන් එන දන්න අදුනන තාලය... නුපුරුදු උලුවස්ස යට නැවතුනු දෙපා... සුපුරුදු වේදනාවෙන් මිරිකෙන හදවත... ඔහු ඔහුගේම සිතුවිලි අතර අතරමංවෙලා... තනිවෙලා...

තමන්ගේ ඉදිරියෙන් හිනාවෙන ඇස් ඇන්ඩර්සන්ට කෙරෙන ආරාධනාවක් වෙද්දි ඔහු උලුවස්සෙන් ඇතුලට පය තිව්වා...

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරණවනම්...
ආසයි මං කවුලු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...

හිතේ මිමිනෙන වචන අකුරක් නෑර කවුරුහරි හොරෙන් අහන් ඉදලා... පදවැල් ගොතලා දැන් ඔහුගෙම කනට මුමුනනවා...

ඇන්ඩර්සන්ගේ කට කොනේ හීන් හිනාවක් ඇඳුනා... ඒත් ඒ සමච්චල් සහගත හිනාව, ඔහුගේ සිතුවිලි හොරකම් කරපු පද රචකයා වෙනුවෙන් ද අන්තෙටම අසරණවුනු තමන්ගෙම නොවටිනා ජීවිතය වෙනුවෙන් ද කියලා ඔහුට තෝරගන්න පුලුවන් වුනේ නෑ...

දෙව්දුනුගෙ හීන් හිනාව දිගේ ඉදිරියට අඩි තිව්ව ඇන්ඩර්සන්ගේ කකුලක ගැටුනු යකඩ රෝදය එතනම නවතිද්දි ඇන්ඩර්සන් පහත බැලුවා...

රෝද පුටුව මත ඉදගෙන ඉන්න මහලු මිනිහාගේ කලු පාට ඇස් ඒ කොළපාට ඇස් එක්ක යාවුනු සැනින් ඒ කලු ඇස් ගැස්සුනා... ඒ මහලු මිනිහාගේ මූනේ හැඟීම් වෙනස්වුනු ඉක්මන පැහැදිලිවම පෙනුනා... තිගැස්මක්... බයක්... මොකක් හෝ යමක් ඒ කලු ඇස් අස්සෙන් එලිබැස්සා...

"සීයේ!!"

හැලහොල්මනක් නැතිව ඇන්ඩර්සන් දිහා බලන් ඉන්න මහලු මිනිහගේ මූනටම නැමුනු දේව් කලබලයෙන් ඒ පපුව මත තිබුනු අත අයින් කෙරුවේ ඔහුගේ හිතට දැනුනු මූසල හැඟීම නිසා වෙන්න ඇති... ඔහුගේ ඒ ස්පර්ශයෙන් සිහි එලවගත්ත මහලු මිනිහා ආයෙත් ඉස්සරහ බලාගත්තේ මොකුත්ම නොවුනු ගානට... ඔහු තනියම තම රෝද පුටුව කරකවමින් ගිහින් සුපුරුදු කවිච්චිය ලඟ නැවතුනා...

"ඒ මගේ සීයා... දැන් හුඟක් වයස නිසා එයාගේ කල්පනාව අඩුයි... තේමිය අයියත් ඇවිත් ඉන්නේ... අපි යමු... මේ පැත්තෙන් එන්න..."

CecropisWhere stories live. Discover now