ඇමිණුන ඔක්කොම ගලවගෙන මායි තවීශයයි ආවේ සහස්ගේ ගෙදරට...
*බවූ~~~~~*
"ෂ්... කෑ ගහන්න එපා... මේ මම යකෝ..."
මාව දැක්ක ගමන් ඩ්රේක් නැට්ට වනන්න ගත්තා... මම උගේ ඔලුවත් අතගාලා සහස්ගේ ජනේලේ ලඟට ආවා... අපේ වාසනාවට මූ ඉන්නේ පහල තට්ටුවේ... නැත්තම් Spiderman:hospitalized තමයි පෙන්නන්න වෙන්නේ...
මම ජනේලෙන් ඇතුලට පැන්නා...
"ආ~~~~~"
"ආ~~~~~"
"ආ~~~~~"
කාමරේ ලයිට් දාලා තිබුනේ නෑ... ෆෝන් එකේ එලියෙන් එතන හිටිය විලම්භීත අවතාරය දැක්කම මට කෑ ගැස්සුනේ මගේ පිටිපස්සෙන් ජනේලෙන් පැන්න තවීශ ඊටත් හයියෙන් කෑ ගහද්දි... ඒ අස්සේ මට සහස් කොහේ හරි ඉදන් අපේ තාලෙටම කෑ ගහන සද්දෙත් ඇහුනා... මම අතට අහුවුන මොකක්දෝ එකකින් හොල්මනට දමලා ගැහුවා... ඒක හැබැයි ඌ හරහා ගියේ නෑ... ඌට රිදෙන්නම වැදුනා...
"ආහ්..."
හොල්මනගේ සද්දේ ටිකක් සහස්ගෙත් වගේ... වගේ නෙමෙයි ඒ ඌ තමයි... ඒ ගැන හිතන්නවුනේ නෑ... කාමරේ දොරේ අගුල කැරකෙන සද්දේ ඇහෙද්දි මං තවීශයත් ඇදන් ඇද යට හැංගුනා...
කවුරුහරි කාමරේට ආවා...
"ආ~~~~~"
එතනට ආපු ගෑණු කෙනාත් අපේ ටෝන් එකටම කෑ ගහද්දි පිටිපස්සෙන් ආපු පිරිමි කෙනා කාමරේ ලයිට් එක ඔන් කලා...
"පපුවේ අමාරුව හදන්නද හදන්නේ ලොකූ..."
ඒ සහස්ගේ අම්මා... එයා කෑ ගැහුවේ පපුවත් අල්ලගෙන...
"මොකද කෑ ගැහුවේ??"
ඇරිලා තිබුන ජනේලේ ලඟට ආපු සහස්ගේ තාත්තා එලිය ස්කෑන් වෙන්නම බැලුවා...
"කවුරුහරි ආවද??"
සහස්ගේ තාත්තා ඇහුවේ කලබලෙන්...
"නෑ තාත්තේ... මේ... මේ... හොරර් මූවි එකක් බල බල හිටියේ එකපාරටම හොල්මන පැන්නනේ... මට කෑ ගැස්සුනා..."
"මහ රෑ විකාර කරන්නේ නැතුව නිදාගන්න..."
ඇද ලඟින් යනකොටයි දැක්කේ අන්කල්ගේ අතේ තිබ්බ ආයුධේ... යකෝ මල්ලිගේ බැට් එක නේද... මේකෙන් කෑව නම් මාස දෙකකටවත් කෝමා වෙනවා...
YOU ARE READING
Cecropis
Mystery / Thrillerඑක වතාවක්.. එකම එක වතාවක් 'ඉන්න' කියන්න.. මම ඈත අහසේ පියාඹනවට වඩා, මේ පුංචි කූඩුවෙ හිරවෙලා ඉන්න කැමතීයි..