16 කොටස

146 23 10
                                    

Down the road where nobody goes
There is a story only two people know
Well, one lies dead while the other lives free
I'll tell it dear if you listen to me...

යුවාන්ට දුර තියාම ඇහුනු කටහඩ නිසා ඔහු තම අඩි ඉක්මන් කලා...

Oh, oh, oh, you said till death do us part
You had a plan from the start...

ඇන්ඩර්සන්ගේ හඬින් ගීතය ගැයෙද්දි ඔහුගේ දිගු ඇඟිලි පියානෝව මත වේගයෙන් එහා මෙහා දිව්වා... ඔහුට බාදා නොකල යුවාන් දොරකඩට හේත්තු වෙලා ඔහු දිහා බලාගෙන හිටියා...

I used my hands to take her life
The very ones that asked her to be my wife
I watched the light fade from her eyes
One man's truth is another man's lie

ඇන්ඩර්සන්ගේ සිරුර ගැඹුරේ සිට නැගෙන රළු හඬට යුවාන් හිටියේ ගල් ගැහිලා... ඇන්ඩර්සන්ගේ හඬ විටෙක වැඩි වෙමින් විටෙක අඬු වෙමින් නැගුවේ සාතාන්ගේ විලාපයදෝ කියලා යුවාන්ට හිතුනා...

I see her face wherever I go
Lord knows I never go down that road
I took her money and left her for dead
But now her voice, it won't leave my head

ඔහු වියරුවෙන් මෙන් පියානෝව වාදනය කලා... ඒ මුහුණේ තිබුනේ වියරුවක්... තරහව, වේදනාව, දුක එකක් කියා නිශ්චිත කල නොහැකි හැඟීම්වලින් ඇන්ඩර්සන්ගේ මූණ පිරී යද්දි ඔහුගේ කොළපාට ඇස් එලියට පනින්නට තරම් ඉදිමී රතුවී තිබුනා... හිත ඇතුලේ ගිනි ගන්න වෛරය ඒ ඇස් වලින් ගිනි දළු වගේ පිටවුනා...

Oh, oh, oh, you said till death do us part
I had a plan from the start
Take her money, stop her heart
How'd Lord make a devil like me?

ඔහුගේ ඇඟිලිවල සිට අත හරහාත් බෙල්ලෙත් නහර ඉලිප්පී පෙනුනා... ඔහු හරියට විපර්‍යාසයකට ලක්වෙමින් ඉන්න වෘක මිනිහෙක් වගේ... ඇන්ඩර්සන්ගේ කට කොනේ ඇති වියරු හිනාව මුලු මූණ පුරා ඇදුනා... ඔහු සමච්චලයට හිනා වුනා...

Oh, how the Lord make a devil like me
Oh, how the Lord make a devil like me
Oh, how the Lo~rd make a devil like~ me~~~~

පියානෝව මත දුවපු ඔහුගේ ඇඟිලිවල වේගය බාලවුනා... වියරු වාදනය හිමි හිමින් මෘදුවුනා... ඇන්ඩර්සන්ගේ මුහුණේ තිබුනු වියරුව අසුරු සැනකින් වෙනස්වුනා... ඒ ඇස් දුකින් බරවුනා... කදුලු නැතිවුනත් ඒ වියළි දෑස්වල තිබුනු දුක යුවාන් හොඳටම දැක්කා... ඔහුගේ මුහුනේ හැඟීම් වෙනස්වුනු ඉක්මන යුවාන්ට හිතාගන්නවත් බැරි වුනා... එක් චරිතයකින් තවත් චරිතයකට මාරුවෙන වේදිකා නාට්‍ය නලුවෙක් වගේ ඔහුගේ භාව ප්‍රකාශන සම්පූර්ණයෙන්ම වෙනස්වුනේ ඔහුගේ හඬද පියානෝ වාදනය සමඟම මෘදු වෙද්දි...

CecropisWhere stories live. Discover now